Saturday, November 24, 2012

ධර්මද්වීපයේ පෙට්ටගම


ඔන්න එකමත් එක රටක් තිබුන. මේ රටට කිව්වෙ ධර්මද්වීපය කියල. මේ රටේ තිබුන පරන පෙට්ටමක්. හැමෝම කිව්වෙ මේ පෙට්ටගමේ ධර්මය තියෙනව කියල. මේ රටට ධර්මද්වීපය කිව්වෙත් මේ නිසා. හැබැයි කවුරැවත් මේ පෙට්ටගම ඇරල බලලනම් තිබුනෙ නෑ.


මේ පෙට්ටගම කරගහගෙන යන කට්ටියකුත් රටේ හිටිය. මේ අය කිව්වෙ මේ පෙට්ටගම අවුරැදු 2500 කාලයක් තිස්සෙ එයාල කරගහගෙන ආව  කියල. ඉතිං මේ අය පෙට්ටගමට වඳිනව,පුදනව, දුම් අල්ලනව විතරක් නෙවේ රටේ මිනිස්සුන්ටත් එහෙම කරන්න කියනව. එහෙම කලාම හැම දේම ලැබෙනවලු. පිං සිද්ධ වෙනවලු. දිව්‍ය ලෝකෙ යන්න පුලුවන්ලු. ඉතිං මිනිස්සුත් මේ පෙට්ටගමට වඳින්න පුදන්න පුරැදු උනා.

මේ පෙට්ටගම කරගහගෙන යන අය කිව්වෙ මේ රට අයිති මේ පෙට්ටගමට කියල. මේ පෙට්ටගමේ අයිතිකාරය තමයි රටේ රජවෙන්නෙ. ඉතිං රටේ කාට හරි රජ වෙන්න ඕන උනහම කරන්නෙ මේ පෙට්ටගම කරගහගෙන යන අය හම්බවෙලා පුද සත්කාර කරන එක. එතකොට මේ පෙට්ටගම කරගහගෙන යන අය  කියනව මේ රජතුමා පෙට්ටගම රැකගන්න පොරොන්දු වෙලා තියෙන්නෙ. ඒ හින්ද රට වැසියො හැටියට රජතුමාට අවනත වෙලා එතුමට මේ පෙට්ටගම රැකගන්න උදව් වෙන්න කියල. ඉතිං එයාලත් අවනත වෙනව. රජතුමත් ඉතිං තමන්ට ඕන හැටියට රජසැප විදිනව. 


රජතුමා මෙහෙම ටික කලක් රජසැප විඳිනකොට රටවැසියොයි, පෙට්ටගම කරගහගෙන යන අයයි විතරක් නෙවේ පෙට්ටගම ගැනත් අමතක වෙනව. ඉතිං රජකම ගන්න බලාගෙන ඉන්න තව කවුරැ හරි කරන්නෙ අර පෙට්ටගම කරගහගෙන යන අය හම්බ වෙලා තමන් මීට වඩා හොඳින් පෙට්ටගම රැක බලා ගන්නව කියල පුද සත්කාර කරල රජකම ඉල්ලා හිටින එක.  ඉතිං කරගහගෙන යන අයත් කියනව අරයට වඩා මෙයා හොඳයි කියල. රට වැසියොත් මේක පිලි අරගෙන අලුත් කෙනා රජකමට පත්කර ගන්නව. අලුත් රජතුමත් රජකම අරගෙන පුරැදු විදියටම අනිත් සේරම අමතක කරල රජ සැප විඳිනව.


ඉතිං මෙහෙම තට්ටුමාරැ ක්‍රමයට එක එක රජවරැ රජසැප විදිනකොට දකුනේ  තරැණයොන්ට තේරැම් යනව මේ සෙල්ලම. ඒ අය කියන්න ගන්නව අපට පෙට්ටගමෙන් ඇති වැඩක් නෑ.කන්න අදින්න දෙන්න කියල.එහෙම නොලැබුනාම   ඒ අය රජතුමාට විරැද්ධව කැරලි ගහන්න පටන් ගන්නව. රජතුමත් පෙට්ටගම රැක ගන්න ඕන කියල කැරලි කාරයො මරල දානව.


ඊට පස්සෙ උතුරේ පෙට්ටගමට වදින්නෙ නැති තරැණයො පිරිසකුත් රජතුමාට විරැද්ධව කැරලිගහන්න පටන් ගන්නව. මේ යුද්ධය සෑහෙන දුර දිග යන යුද්ධයක් වෙනව. අන්තිමේදි මේ පෙට්ටගම රැක ගන්න නම් රට රැකෙන්න ඕන කියල රජතුමයි, පෙට්ටගම කරගහගෙන යන අයයි, රට වැසියොයි එකතුවෙලා මේ කැරලි කාරයොත් මරල දානව.


ඒත් මේව මෙතනින් නතර වෙන්නෙ නෑ.පෙට්ටගමට වඳින්නෙ නැති අයට මේ රට ඉඩ නෑ කියල එයාල වඳින ,පුදන තැන් කුඩු කරල දාන්න පටන් ගන්නව. පෙට්ටගමට වඳින මිනිස්සු අඩුවෙනව.වඳින්නෙ නැති මිනිස්සු වැඩිවෙනව කියල රංඩු වෙනව. රට පුරා එකිනෙකා මිනිස්සු මරා ගන්නව. කාන්තාවො පමනක් නෙමෙයි ලමා ලපටි පවා දූෂනය කරනව. හොරකම දූෂනය රටේ පිලිගත් දේවල් බවට පත්වෙනව. රටේ මිනිස්සු ධර්මය රැකගනිමු කියන බෝඩ් එක අතේ තියාගෙන ඕනම කැත වැඩක් කරන්න පුරැදු වෙනව. අන්තිමේදි මේ ධර්මද්වීපය මරනයේ ද්වීපය හැටියට ලෝකෙ පුරාම ප්‍රසිද්ධ වෙනව.  


මේ අතර හිටපු එක ඇට්ටර පොඩි එකෙකකුට හිතෙනව මේ පෙට්ටගමේ තියෙන්නෙ මොනවද බලන්න ඕන කියල. ඔහු බොහෝම අමාරැවෙන් පෙට්ටගම ඇරල බලනකොට ඒකෙ තිබුනෙ පරන පොතක්. ඒකෙ මෙන්න මෙහෙම ලියල තිබුන.


මාගේ මේ ධර්මය ප්‍රඥාවන්තයින්ට එතෙරවීම සඳහා මිස මෝඩයන්ට කරගසාගෙන යෑමට නොවේ

3 comments:

  1. අප්පට සිරි හොඳ වෙලාවට ඔහේ ඕක බැලුවේ... නැත්නම් හෙටත් කරේ තියාගෙන යනවා. තෙලින් මලින් ගඳින් පුදනවා....

    ReplyDelete
  2. ඌනපූර්ණයක්,
    කස්ටියක් පෙට්ටගම ඇතුලෙ තියනදේ කරන්නෙ නැතිව වඳිනව පුදනව ආරක්ෂා කරගන්නව ඒකෙන් බඩවියතත් රැකගන්නව.....

    තවත් කස්ටියක් 'පෙට්ටගම ඇතුලෙ තියන දේ විතරයි අපිට වැදගත්' කිය කියා ඒකට පයින් ගහනව චූ කරනව කක්ක කරනව. හැබැයි එයාලත් ඇතුලෙ තියනදේ මොකද්ද කියල බලන්නෙ නෑ.

    ReplyDelete
  3. පෙට්ටගම ඇරපු එකාට පෙට්ටගම බලාගත්ත එකා ගරහනවා. පෙට්ටගමේ තියන බඩු ටික උස්සල පරණ පොතක් පෙරලුවා කියල ඌට දිගට හරහට නෙලනවා.

    මේවා බලා ඉදල තිත් තුන් කොටියක් පුකවල් හිනාවෙනවා.

    ReplyDelete