“ඔන්න ලොකු මහත්තය මේ සැරේනම් පුංචි
මහත්තයට හරියටම හරියන මනමාලියක් හොයාගත්ත” කපු මහත්තය
ගෙදරට ගොඩ උනේ
ලෝකෙ
තියෙන අමාරැම දේ කරගෙන ආව වගේයි.
“වාඩි වෙලා ඉන්නකො කපු මහත්තය” කපු මහත්තයගෙ තරම දන්න හින්දම පෙරේර මහත්තය කලබල නැතුව කිව්ව.
ඉටි රෑපයක් වගේ ලස්සන පුංචි නෝන” කපු මහත්තයගෙ කථා සද්දෙට පෙරේර නෝනත් එලියට ආවිත් ලඟ
තිබුනු පුටුවක ඉඳගත්ත.
“ආංඬුවෙ ලොකු රස්සාවක් කරන්නෙ.රට
රටවල්වල ගිහින් ලොකු ලොකු උපාධි එහෙමත් අරගෙන ඇවිත් තියෙනව”
“කොහොමද පවුලෙ විස්තර එහෙම” පෙරේර මහත්තයත් පුටුවක ඉඳගන්න ගමන් ඇහුව.
“උඩරට වලව් පෙලැන්තියක්. පුරාන
රජවරැන්ගෙන් කඩු කස්ථාන පවා ලැබිච්ච පරම්පරාවක්. පියා දිසාපතිවරයෙක්. මව
ගුරැවරියක්. ලොකු පුතා ඉංරිනේරැවෙක්. ඊලඟ පුතා දොස්තර කෙනෙක්. ඊලඟ දුව විශ්ව විද්යාල
ආචාර්්යවරියක්. මේ පුංචි නෝන” කපු මහත්තය
ලේන්සුව අරගෙන මූන පිහදාගන්න ගමන් කිව්වෙ තේ එකක් ලැබෙන්න පරක්කු මොකද කියල හිත
හිතා.
“ඔය වලව් කාරයො දැන් වැටිල. බොරැ
පුරාජේරැව විතරයි” පෙරේර
මහත්තයත් බෝලයක් විසිකලා.
“අපොයි මහත්තය. මෙයාල පරම්පරා
සල්ලිකාරයො. බංගලාවක් එක්ක තේ අක්කර 100 උඩරටින් දෙනව. කොළඹ 07 ගෙයක් තියෙනව මේ
නෝනගෙ නමට. මුදලින් ලක්ෂ 100 දෙනව. ලක්ෂ 100 වාහනයක් තියෙනව. අපේ පුංචි මහත්තයට
මීට වඩා කටයුත්තක්නම් හොයාගන්න ලැබෙන්නෙ නෑ” කපු මහත්තය තේ
එක දෝතින්ම පිලිගන්න ගමන් කිව්ව.
“ඉතිං කේනදර පොරොන්දම් එහෙමත් ගැලපෙන්න
එපායැ”පෙරේර මහත්තය ඇසුවේ මෙය සිතා බැලිය
යුතු කටයුත්තක්යැ බව පෙනුන හින්ද.
“මොනව කියනවද ලොකු මහත්තය. පුංචි
මහත්තයටම මවපු නෝන. සේරම පොරොන්දම් ගැලපෙනව. කිසිම දෝසයක්.නෑ කිරියි පැනියි වගෙයි”
“දැන් ඒ අයත් මේ කටයුත්තට කැමතිද” පෙරේර මහත්තය කපු මහත්තය දිහාට බෙල්ල දික්කරගෙන ඇහුව.
“ඒකනේ. පුංචිමහත්තය ගැන කිව්ව විතරයි ඒ
ගොල්ලො එක පයින් කැමතිඋනා. මම මේ ආවෙත් මහත්තයට මනමාලිව බලන්න යන්න පුළුවන් දවසක් දාගන්න”
“ඔය මොනවටත් වඩා වැදගත් වෙන්නෙ
කපුමහත්තයො ගෑනු ලමයගෙ චරිතෙ” පෙරේර මහත්තය
කිව්වෙ මනමාලි ගැන තව තොරතුරැ ටිකක් දැනගන්න හිතාගෙන.
“අපොයි ලොකු මහත්තය. ඉගෙන ගන්නම කාලෙ
යෙදෙව්ව මිසක් පිරිමියෙක් දිහා ඇහැක් ඇරල බලපු කෙනෙක් නෙවේයි” කපු මහත්තය
හිස් කෝප්පය මේසෙ උඩින් තිබ්බ.
“අපේ පුතාට හරියන්නෙ හොඳ කීකරැ දරැවෙක්”පෙරේර නෝනත් ගෙදරට එන ලේලිට තියෙන්න ඕන තවත් සුදුසුකමක්
මතක් කරල දුන්න.
“අනේ හරි කීකරැ ළමයෙක් ලොකු නෝන. කොච්චර කීකරැද කියනවනම්” කථාව මදකට නතර කල කපු මහතා අවට වෙනත් කිසිවකු නැතිබව
සහතික කර ගත්තේය.
“මේ මනමාලි හැබෑවටම විස්වාස කරනවනේ ආංඞුව අගවිනිසුරැතුමිය අයින් කරන්න
හදන්නෙ දූෂන වෝදනා නිසා කියල”
පට්ටයි යකෝ
ReplyDeleteමීට වඩා හොදයි කනට ගැහුවනම්
මචන් උපහාසය මවනවා සුපිරියටම
“/////මේ මනමාලි හැබෑවටම විස්වාස කරනවනේ ආංඞුව අගවිනිසුරැතුමිය අයින් කරන්න හදන්නෙ දූෂන වෝදනා නිසා කියල” /////
ReplyDeleteමං හිතන්න ආණ්ඩුවේ දූෂන චෝදනා වෙන්න ඇති...... නැත්නම් ඉතින් ඒතුමිය ගත්තේ මහත්තයට රස්සාවක් විතරනේ....
බල්ලොත් එක්ක ලැග්ගම් බලු මැක්කෝත් එක්ක නැගිටින්න වෙනවලුනේ
පිස්සු හැදෙනවනේ යකෝ!!!!!! අන්න කීකරු ළමයි...
ReplyDeleteඅන්න රජ මාලිගාවට උනත් සුදුසු මනමාලියක්. ඇත්තටම උපාධි අරං තියෙන්නේ කාල්ටන් පෙර පාසලෙන්ද දන්නේ නෑ.
ReplyDeleteSuperb!What a humorous story!
ReplyDeleteඒ මනමාලි හරියන්නෙ පෙරේරගේ පුතාට නෙමෙයි,ලොක්කගෙ නාමල් බේබිට.කතාවනම් බොහොම කෙටියෙන් සුපිරියටම ලියල!!!!!!
ReplyDeleteඒ කියන්නේ කිකරැකම ආණ්ඩුවටද...
ReplyDeleteනිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
ශහ්....හරිම කීකරු පෝස්ට් එකක්.
ReplyDeleteඉතින් ඇත්තටම ඒහෙම දෙයක් නෙමෙයිද...?
ReplyDeleteඑහෙනම් කපු උන්නැහේ වැඩේ තීන්දුයි.
ReplyDeleteඅර දෙනවා කිව්ව දෑවැද්ද අහපුවාම කටට කෙළත් ඉනුවා ,මරේ මරු මචං. පට්ටයි.
ReplyDelete