ඉඩක් ලැබුනු විට කොහේ හෝ දුර ඈතක කරක් ගැසීම මගේ පුරැද්දකි. ලඟදී
දිනෙක හම්බන්තොට ප්‍රදේශයේ කල සංචාරයකදී
ඈත ගොවි ගම්මානයකට යෑමේ අවස්ථාව මට ලැබුනි. එහිදී මට මැදිවියේ පසුවන ගොවියකු මුන
ගැසුනි. වාස දේස කථා බහෙන් දැන ගත හැකි වූයේ ඔහු විශ්‍රමික බවයි.
"ඇයි විශ්‍රම ගත්ත කියන්නෙ. ලෙඩක්
දුකක් එහෙම තියෙනවද?”
“දෙයියනේ කියල තවම ලෙඩක් දුකක්නම් නෑ
මහත්තයො. ඒත් තියෙන ඉඩං කෑල්ලෙන් පවුල් තුන හතරකට ජීවත් වෙන්න පුළුවනෑ. කොල්ලො
දෙන්නට ඒක බෙදල දීල දැම්ම. උනුත් දරැ පවුල් කාරයො නෙවැ”
“එතකොට කොහොමද දැන් ජීවත්වෙන්නෙ”
“ඒක තමයි මහත්තයො මමත් මේ කල්පනා
කරන්නෙ” ඔහුගේ මෙතෙක් කථාකල සැහැල්ලු විලාශය
වෙනස්ව කල්පනා සහගත ලෙස කීවේය.
“පැන්ෂන් එකක් දෙනව කියල ආන්ඩුවෙට
සැරින් සැරේ සල්ලි ගෙව්ව. ඒත් ඒක ලැබෙන්නෙත් යලට මහට. එහේට මෙහාට දුවන්න ගියාම ගන්න තුටිටු දෙකෙනුත්
වැඩක් නෑ”
“මාසෙකට කීයක් හම්බ වෙනවද?”
“රැපියල් 2100 යි මහත්තයො”
“ඉතිං 2100 කියන්නෙ දවසට රැපියල් 70 නෙ. ඉතිං දෙන්නෙකුට ඒකෙන් ජීවත් වෙන්න පුළුවන්ද?” මම ඇසුවේ වැරදි ප්‍රශ්නයක් බව
වැටහුනේ ඔහු මෙයින් බලවත් සේ කැලඹී ඇති බව පෙනී ගිය පෙනී ගිය බැවිනි.
“මහත්තයො මම අවුරැදු 50 කලේ ඔය
ගොවිතැන. හොරකන් කරල නෑ. මංකොල්ල කාල නෑ. මිනී මරල නෑ. පාදඩකන් කරල නෑ. දරැවො හතර
දෙනෙකුට කන්න අඳින්න දීල ඇස් පාදල පුලුවන් හැටියට දීගතල දුන් නෙත් ඔය ගොයිතැනෙන්
තමයි . අදටත් මගේ අතපය හතර හයියයි. ගොවිතැනක් බතක් කර ගන්න. ඒත් කෙහේද ගොවිතැන්
කරන්නෙ. නැත්නන් ඔය තුට්ටු දෙකක් ගන්න ඔය එක එකා පස්සෙ යන්නෙ නෑ මහත්තයො”
“මම තීරනයක් අරං ඉන්නෙ මහත්තයො” මදක් හතිලෑ ඔහු නැවත කීවේය.
“ඒ මොකක්ද?”
“මම හොරකන් කරන්න පටන් ගන්නයි හිතන්
ඉන්නෙ”
“ජීවත් වෙන එකනම් ටිකක් අමාරැ තමයි.
ඒත් ඔය වැඩ ඒ තරන් හොද වැඩ නෙවේනෙද?” මම කීවේ කුමක්
නියන්නදැයි සිතා ගත නොහැකිවයි.
“නෑ මහත්තයො. වැඩේ හරිගියොත් කරදරයක් නැතුව
ජීවත් වෙන්න බැරියැ”
“හොදයි වැරදුනොත්”
“වැරදුනත් මීට වඩා නරකක් වෙන්නනෙ නෑ
මහත්තයො” බොහෝ සැහැල්ලුවෙන් පැවසූ ඔහු නිවෙස
තුලට ගොස් පුවත් පතක් ගෙන ගෙන මා දෙසට පෑවේය.
‘සිරකරැවෙකුට
දවසට රැපියල් 230 ක් රජයෙන් වියදමි කරයි’ එහි සඳහන්ව
තිබින.
එහෙම නෙමෙයි තව 400 වැඩි කරන්න කියලා බැසිල් මහත්තයට කියමු අඩු ගානේ එකෙකුට හරි මාසයක් කාලා බීලා ආතල් එකේ ඉන්න පුළුවන්නේ. නැත්නම් කොළඹ ඇවිත් අර බන්දුල මහත්තයා කියපු කොම්පඤ්ඤවීදීයේ රු 40 බත් පැකට් මාසෙකටම අරගෙන ගියානම් ඒත් හරි. මිනිස්සු කම්මැලි වෙලා අප්පා. ඔක්කෝම නිකම්ම ලැබෙනකන් බලාගෙන ඉන්නවා. දිවි නැගුම තියෙනවා. අපි වවමු රට නගමු තියෙනවා. සපිරි ගමක් සුපිරි හෙටක් තියෙනවා. ඒ මුකුත් නැතත්. කෘෂීරසායනත් තියෙනවා.
ReplyDeleteඔවු මොනව නැතත් කෘෂි රසායන තියෙනවනේ
Deleteහිරෙන් නිදහස් උනාම ගෙදර යන්න කෝච්චි ටිකට් එකකුත් දෙනවා නිකන්.
ReplyDeleteඒක මං දන්නෙ දැන්නේ.
Deleteකවුද මචන් ඔය 'ගොවියා' කියන්නේ...නයිට් රෙස් පදින කවුරු හරි නේද? නෑ නෑ මං හිතන්නේ බොලිවුඩ් වල අළුත් නලුවෙක් වෙන්නැති.
ReplyDeleteනෑ මචං වඳවෙලායන සත්ව කොට්ටාසයක්
Deletemadasodagathpasu rajakama araganna...
ReplyDeleteGoviya sudusuma kenalu rataka upanna....
Nolebunata rajakama naya thurus gewanna....
Aswanu langa watina lansuwak thiyanna....// man hithuwe me song eke thiyenne goviyata thiyana ekama prashne kiyala.
Monawa unath ara mahaththan kenek chande dawaswala wathura nethuwa winasha una kumburata behela hari adaren goviyekgen ahuwa,
"rakshanaya karala nethda" kiyala.
Goviya ne kiwwama mahaththan kiwwe
"ekane, rakshanaya kara nam ekath gannawa, man dena ekath gannawa" kiyala.(news walin dakke)
Chanden passe ahawal eka thamai denne. Onna naya gewanna kiyala liyum enawalu.
මුන්ගෙ රැවටීම තමයි
Delete