මගේ කවි රෝස පෙති තරම්
සුමුදු නොවන්නට පුළුවන්ය.
පෙම් හසුනක් තරම්
පේ‍්‍රමනීයනොවන්නට පුළුවන්ය.
පොප් ගීතයක් තරම් සරල
නොවන්නටද පුළුවන්ය.
නමුත් තේරුම් නොහැකි
සංකීර්ණ වන්නටද නුපුළුවන්ය.
මේ කවි උපන්නේ කෙලෙස
මට පෙම් නොකල නුඹ
මා යුතුකම් ඉටු නොකරන මාපියන්
පව්කාරයෙකියි මට ගරහන සමාජය
මේ කවි මට දුන්නේ පරීත්‍යාග ලෙස
නමුත් ඒවා මට අයිති නැත.
පේ‍්‍රමය අහිමිව කාබන් වගුරන පෑන
කොපි කොල වල ඝනීභූත කල
පේ‍්‍රමය කවියක්ය.
යුතුකම් ඉටු නොකරන මගේ හදවත
බරකරන මාපිය සෙනෙහස මට
දරා ගත නොහැකි කවියක්ය.
කුරිරු සමාජයෙන් බැට කමින්
නමුත් එයටම ඇලෙන මිනිසුන් කෙරේ
උපදින මගේ වෛරය කවියක්ය.
මෙකව් පොත් ලිපිගොනු අතර
සිරව පරණව දිරා යනවා වෙනුවට
කුටියේ සියළු කවුළු පියන්පත් හැර
ගසා ගෙන යන්නට ඉඩ හරිම් සුළඟට
මෙකව් අයිති උන් ලඟට
PAWKARAYA BLOGSPOT
great...
ReplyDelete