Tuesday, January 29, 2013

දන්ඩ නමස්කාරය ගෝත්‍රික චාරිත්‍රයක්-රිටිගල ජයසේනගෙන් ප්‍රථිචාරයක්

“මිනිසකු තවත් මිනිසෙකු ඉදිරියේවැඳවැටිය යුතුද?” නමින් මෙහි පලවූ ලිපිය ගැන වත් පොතෙහි වූ සංවාදයකට රිටිගල ජයසේන  සහෘදයා විසින් දීර්ග ප්‍රථිචාරයක් දක්වා තිබුනි. බ්ලොග් කියවනනන් වෙනුවෙන් එය  මෙහි පලකරමි. ************************************************* කැමති ඔනෑම් කෙනෙක් තමන් කැමති ඔනෑම කෙනකුට වැන්දාට කමක් නැත. මෙය තරමක් පසුගාමි ගෝත්‍රික චාරිත්‍රයක් (නූතන ලෝකය විසින් අතහැර දැමූ) නිසා ප්‍රසිද්ධියේ නොකරනවානම් වඩා හොඳය. ඒ වගේම මා කාගෙන්වත් වැඳුම් බලාපොරොත්තු නොවෙනවා පමනක් නොව කාටවත් වඳින්නේද නැත. මගේ දරුවන්ද අවුරුදු 18 පසුවී ඔවුන්ම...