Thursday, January 17, 2013

මිනිසෙකු තවකෙකුට වැඳිය යුතුද?



අතීතයේ එක්තරා  යුගයක මිනිසා තම අවශ්‍යතාවයන් හා ආරක්ෂාව  සලසාගැනීමට ගෝත්‍ර වශයෙන් සංවිධානය වී සිටියහ.  ලෝකය පුරාම විසිර සිටි මෙම ගෝත්‍රිකයින් ලංකාවේද විසූ බව යක්ෂ,නාග,රාක්ෂ, දේව ආදීන් ගැන ලියැවී ඇති ‍ෙඑතිහාසික මූලාශ්‍ර වලින් තහවරැ වේ. භූමිය, භවභෝග,සතුන්,ස්ත්‍රීන් අත්පත්කර ගැනීම සඳහා මෙම ගෝත්‍ර අතර වරින් වර සටන්ද සිදුවිය. මෙම සටන් වලදී යටත්වූවන් ශ්‍රමයේ වූ වැදගත්කම සලකා බොහෝ විට මරා දැමුනේ නැත. ජයග්‍රහී ගෝත්‍රිකයින්ගේ වහලුන් ලෙස හෝ යටත් වැසියන් ලෙස සිටීමට ඔවුන්ට බල කෙරැනි. මෙහිදී ජයග්‍රාහකයින් ඉදිරියේ පරාජිතයින් තම යටහත් පහත් බව, අවනත බව පල කොට සිටියේ බිම වැතිර වැද වැටීමෙනි.
පසු කලෙන වඩා ශිෂ්ඨසම්පන්නව සමාජය දියුනු වීමේදී මේ මිලෙච්ඡ ගෝත්‍රික චාරිත්‍ර බෝහෝ සමාජ වලින් ගිලිහී ගියේය. දෙවියන් හෝ ආගමික ශාස්තෘවරයකුට මිස මිනිසෙකු තවත් මිනිසෙකු ඉදිරියේ වැඳ වැටිය යුතු නැති බව ඔවුහු අවබෝධ කර ගත්හ. මේ සඳහා හේතු වූයේ මනුෂ්‍යා ගැනත් ලෝකය ගැනත් නොයෙකුත් දාර්ශනිකයන්,චින්තකයින් , විද්‍යාඥයින් විසින් ඇතිකල නව සොයාගැනීම් හා දැනුමයි. මිනිසා වර්නය අනුව හෝ ආගම අනුව හෝ වර්ගය අනුව හෝ වෙනස් නොවන බවත් උත්පත්තියෙන් සියලු මිනිසුන් එක සමාන බවත් ඔවුන්ගේ අදහස විය. 

දීර්ඝ ඓතිහාසික උරැමයක් ඇතියි සැලකෙන අප රටේද වැඳීම සංස්කෘතික ලක්ෂනයක් බවට පත්ව ඇත. බුදුන් වහන්සේට පමනක් නොව භික්ෂූන්ට, දෙමව්පියන්ට, වැඩිහිටියන්ට,  ගුරැවරයින්ටද අප වැඳුම් පිදුම් කරති . අදවන විට මෙම චාරිත්‍රය  කොතරම් දුර දිග ගොස් ඇත්දැයි කිවහොත් කුඩු කාරයින්, මිනී මරැවන්, මංකොල්කාරයින් පවා අභ්‍යාස පොත් දෙකක් පිරිනමමින් දරැවන්ගෙන් වැඳුම් ලබා ගනිති.

අප සමාජයේ බොහෝ දෙනෙකු මෙය සලකන්නේ යහපත් සමාජ චාරිත්‍රයක් ලෙසයි. නමුත් දියුනු, සමානාත්මතාවයෙන් යුත්, සාමකාමී සමාජයක් අපේක්ෂා කරනන් හැටියට මිනිසෙකු තවත් මිනිසෙකු ඉදිරියේ වැද වැටීම යුක්තිසහගතයැයි අපට පිලිගත හැකිද? උත්තරීතර හෝ දුර්වල මිනිස්ගති ඉක්මවූ පුද්ගලයෙකුට වැඳීම සාධාරනීකරනය කල හැකි වුවත් අඬුලුහුඬුකම් ඇති මිනිසෙකුට තවෙකුගේ වැඳවැටීමක් පිලිගත යුතුද? 

බොහෝ දෙමව්පියන්,ගුරැවරැන්  තම දුවා දරැවන්,ශි්‍යයයින් හට  කුඩා කල සිටම මෙම චාරිත්‍රයට හුරැ කරවති. ආගමික ආයතනවලින්ද මෙයට ළමෝ පොළඹවති. මෙය වැඩිහිටියන්ට සතුටුදායක,තෘප්තිමත් හැඟීමක් ගෙන දෙන දෙයක් වන බවට සැකයක් නැත. නමුත් ළමයින් මෙයින් ලබන ඇඟවීම කුමක්දැයි කිසිවෙකු සැලකිලිමත් වන්නේ නැත. මිනිසුන් අතර වෙනස්කම්, ලොකු පොඩිකම් ඇතිබවට ලමයින් තුල කුඩා කල සිටම තහවරැ වීමට මෙය හේතු වන්නේ නැත්ද?

මෙය චක්‍රයකි. සර්ව සම්පූර්න නොවූ පෘතජන  මිනිසුන් හැටියට තවෙකකු ඉදිරියේ යටහත් පහත් අවනත බවක් පලකරන අපි අපට අවනතවන්නන්ද  අපේක්ෂා කරමු. භික්ෂුන්, දේශපාලකයින්, කළමණාකරැවන් ඉදිරියේ යටහත් පහත් බව දක්වන අප අපට අවනත නොවන කිසිවෙකු නොමැතිනම් බිරිඳගෙන් හෝ දරැවන්ගෙන්වත් එම යටහත් පහත් බව බලාපොරොත්තු වෙති. වැඩිහිට්යන් ඉදිරියේ වැඳ වැටෙන ලමයා වැඩිහිටියෙකු වූ පසු තමා ඉදිරියේ වැඳ වැටෙන අයද අපේෂා කරති.  මේ නිසා අප සමාජයේ හැම විටම බිහිවන්නේ සමානාත්මතාවය නොහඳුනන මිනිසෙකි. ලොකු /පොඩි , උසස්/පහත්, ඉහල/පහල,අයිතිය ඇති/අයිතිය නැති යනාදී ලෙස බෙදීම් අපේක්ෂා කරන මිනිසෙකි.

අප සමාජය ගැන විමසිලිමත් වුවහොත් ඔබට මේ බෙදීම් හොදින් දැක ගත හැකිය(ආගම් බේද,ජාති බේද මෙම මාතෘකාවෙන් ඉවත්කර තැබීමට මම කැමැත්තෙමි). දියුනු රටවල එකිනෙක වෘර්තීන් අතර තියුනු විභේදනයන් නැත. නමුත් අප රටේ හෙද වෘර්තියේ තත්වය හෝ වැටුප් ඉහල දමනවාට වෛද්‍යවරැ විරැද්ද වෙති. උපස්ථායක ඇඳුම ගැන හෙදියන් විරෝධය දක්වති.  කාර්මික විද්‍යාල පාඨමාලා ගැන ඉංජිනේරැ ශි්‍යයයන් විරෝධය පලකරති. රැපියල් 30000/= ඉපැයිය හැකි කාර්මික අංශයේ රැකියාවකට වඩා රැපියල් 15000/= කාර්්‍යාලයක ලිපිකරැ රැකියාවක නියැලීමට සමහරැ වඩා කැමති වන්නේ එයින් එයින් ඉහල පිලිගැනීමක් ලැබෙන බව සිතන නිසයි.

මෙවා ගැන කථාකරන බොහෝ දෙනෙකු සුදු කරපටි රැකියා ගැන සමච්චල් කරමින් මෙය බටහිරටත්, අධ්‍යාපන ක්‍රමයටත් බැන වැදීමට අවස්ථාව කර ගනිති. නමුත් සත්‍යනම් බටහිරයන් මෙම දුබලකම් බොහෝ දුරට ඉක්මවා ඇති බවයි.අප විසින් අපේයැයි රැක ගැනීමට උත්සාහ ගන්නා බොහෝ ප්‍රදර්ශනාත්මක සංස්කෘතිකාංග අපේ දියුනුවට විලංගුවී ඇතිදැයි මදක් සිතා බලන්න.  

ඇත්තටම  මිනිසකු තවත් මිනිසකු ඉදිරියේ වැදවැටිය යුතුද?

8 comments:

  1. මා නොකෙරුවත් නොකරමි එය ගැරහීම. ගෝත්‍රිකත්වය සහ සම්ප්‍රදාය යනු සමාන පද නොවේ. මේලයක් සහිත කුලකයන් දෙකක් පමණි. යමක් දුන් පමණින් හොරෙකුට වැද වැටීම ගෝත්‍රික විය හැකි අතර ගුණාගුණ විමසීමකින් තොරව සහ හුදෙක් වාසි නොතකා වැඩිහිටියෙකුට වැදීම සාම්ප්‍රදායික වේ.

    සෑම සිදුවීමක්ම සුදු හෝ කළු විය නොහැකි අතර, බොහෝ විට ස්ථායීව පවතින්නේ අළු පැහැයේ ප්‍රභේද වේ.

    ReplyDelete
    Replies
    1. "මෙය චක්‍රයකි. සර්ව සම්පූර්න නොවූ පෘතජන මිනිසුන් හැටියට තවෙකකු ඉදිරියේ යටහත් පහත් අවනත බවක් පලකරන අපි අපට අවනතවන්නන්ද අපේක්ෂා කරමු. භික්ෂුන්, දේශපාලකයින්, කළමණාකරැවන් ඉදිරියේ යටහත් පහත් බව දක්වන අප අපට අවනත නොවන කිසිවෙකු නොමැතිනම් බිරිඳගෙන් හෝ දරැවන්ගෙන්වත් එම යටහත් පහත් බව බලාපොරොත්තු වෙති. වැඩිහිට්යන් ඉදිරියේ වැඳ වැටෙන ලමයා වැඩිහිටියෙකු වූ පසු තමා ඉදිරියේ වැඳ වැටෙන අයද අපේෂා කරති. මේ නිසා අප සමාජයේ හැම විටම බිහිවන්නේ සමානාත්මතාවය නොහඳුනන මිනිසෙකි. ලොකු /පොඩි , උසස්/පහත්, ඉහල/පහල,අයිතිය ඇති/අයිතිය නැති යනාදී ලෙස බෙදීම් අපේක්ෂා කරන මිනිසෙකි."

      Delete
  2. මතකද වසර දෙක තුනකට පමණ පෙර එක් පහේ ශිෂෘත්ව සිසුවෙක් අධ්‍යාපන ඇමතිට නොවැඳ හිටියා මොකක්ද තෑග්ක් දෙන්න ගිය වෙලාවක?

    ReplyDelete
  3. ලකෆ්‍රෑන්ස් වැඩ අරඹයි!
    නයිකාරයෝ, බොරුකාරයෝ, පොලුකාරයෝ, වංචාකාරයෝ, කොලුකාරයෝ, බඩුකාරයෝ පරිස්සමෙන්!!!!!!!!!!

    ReplyDelete
  4. ගරු කළ යුත්තන්ට ගරු කිරීම කුශලයක් වන්නා සේම ගරු කළ යුත්තන්ට අගෞරව කිරීම පාපයක් වන බවද සිහිතබා ගත යුතුය , එබැවින් බුදුගුණ දන්නා සැදැහැවත්හූ ජීවමානවූද , පිරිනිවියා වූද තථාගතයානන් වහන්සේට ගරු බුහුමන් වැදුම් පිදුමි කරන්‍නෝය .http://misaditubalabiduma.wordpress.com/2012/11/20/%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80-%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A2%E0%B7%8F%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83/

    ReplyDelete
  5. http://misaditubalabiduma.wordpress.com/2012/12/26/%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%93%E0%B6%BA-%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%84%E0%B7%94%E0%B6%AF/

    ReplyDelete