Thursday, November 1, 2012

මහින්ද මහත්තයට නරියා කියාදුන් කැලේ නීතිය


මහින්ද මහත්තය තරැණ කාලෙ හරි සෙල්ලක්කාරය. මංත්‍රීකම හම්බඋනෙත් තරැණ කාලෙම උනාට ඔය ගාය නම් නැතිවෙලා තිබුනෙ  නෑ.(බොරැනම් ගමේ අයගෙන් අහල බලන්නකො) ඒ කාලෙ කරපු නොයෙක් නොයෙක් ජාතියෙ සෙල්ලම් තිබුනට  එතුමා වැඩියම කැමති දඩකෙලියටලු. මේ හන්දම තමා එතුමට  පස්සෙ කාලෙක කොටි දඩයම් කරන්න හිතුනෙත්.
 මේ කථාවත් එතුම දඩයමේ ගිය දවසක වෙච්ච සිද්ධියක්.
 හැබැයි එදානම් දඩකෙලියට ඒ තරම් සුභ දවසක් වෙලා තිබුනෙ නෑ. කැලේ පුරාම කරක් ගහල, තමන් එක්ක ගියපු අයගෙනුත් මග ඇරිල, දඩයමකුත් නැතුව  වෙහෙසට පත් වෙලා උන්නු එතුමා ගලක් උඩින් වාඩි වෙලා කාරිය කල්පනා කරන්න ගත්තලු කොහොමද කැලෙන් එලියට යාගන්නෙ කියල.
 මෙන්න මේ වෙලාවෙ තමා කන්න මොනව හරි හොය හොයා ඇවිදපු නරියෙක් මෙතනට කඩා පාත් වෙලා තියෙන්නෙ.

කවදාවත්ම මිනිහෙක් දැකල නැති  නරිය ඇස් දෙක ලොකු කරගෙන, කන් දෙක හරව හරව, ගඳ සුවඳ ඉවකරල බලල, දත් ටික විලිස්සල ,ගෙරවිල්ලක් දාල , වටයක් කාරිය කැරකිලා දඩයමකට ලොකු වැඩිබව තේරිලා ද කෙහේදෝ කවදාවත් දැකල නැති මේ සතත්  එක්ක පොඩි ඩීල් එකක් දාන එක හොදයි කියල  හිතුව.
 ඈ බං මම උඹ වගේ සතෙක් මීට කලින් දැකල නැහැ නොවැ.උඹ මොන සතෙක්ද බං
 මම මනු සතෙක් මහින්ද මහත්තය ටිකක් බයවෙලා තුවක්කුව රෙඩි කරගෙන හිටියත් ඒ බව පෙන්නන්නෙ නැතුව උත්තර දුන්න.
 ආහා.. උඹ මනු සතෙක්ද. අපේ සීය මට කියල තියෙනව උඹල ගැන. මීට අවුරැදු හත් අට දාහකට ඉස්සරවෙලා නොවැ උඹල කැලෙන් එලියට ගිහින් තියෙන්නෙ කෝපි කෝප්පයක් නොබිව්වත් මහින්ද මහත්තයට දැපනෙ  වැටුනු නරිය පොඩි ෂේප් හිනාවක් දාගෙන කියනව.
 ඉතිං ඉතිං කියනවකො බලන්න ඔය ඔහේල  ඉන්න කැලේ ගැන
 අපි ඉන්නෙ කැලේක නෙවේ බං. ඒකට කියන්නෙ රට කියල.ඒක මේ කැලේ වගේ නෙවෙයි මහින්ද මහත්තය ටිකක් සැරෙන් කිව්වෙ මූව ටැකල් කරන්න වැඩි අමාරැවක් නැති බව තේරැන නිසා.
 හරි හරි ඉතිං ඔය රට කියන කැලේ ගැන ටිකක් කියනවකො බලන්න. අපි ගිහින් තියෙනවයැ ඕවයෙ

ඉතිං මහින්ද මහත්තයත් දන්න කියන වචන සේරම දාල මේ මිනිස්සු ඉන්න රට ගැන මේ  කැලේ ඉන්න නරියට කියල දෙන්න ට්‍රයි එක.
 ඒකෙ අහස තරන් උස ගොඩනැගිලි තියෙනව. සිතූ පැතූ දේවල් දෙන හෝටල් ,මල් වතු , පොකුනු, දිය ඇලි , අධිවේගී මාර්ග බලන්න එපායැ අශ්චර්්‍යය මිනිස්සු ඉන්නෙ නිකන් දිව්‍යය ලෝකෙ ඉන්නව වගේ මහින්ද මහත්තයගෙ කථාවට වශි වෙච්ච අර තිරිසනා මේ කිසි දෙයක් නොතේරැනත් කට ඇරගෙන බලාගෙන ඉන්නව. මහින්ද මහත්තයත් චන්ද රැස්වීමක වගේ කථාව.
 හරි දැන් තමුන්නැහේ දඩයම් එහෙම කරන්නෙ කොහොමද රට කැලෑවෙ? අන්තිමට මේ දීර්ග කථාවෙ අධෝසංසාරයක් නොතේරිච්ච නරිය තමන් දන්න එකම දේ ගැන ඇහුව.

 මම... මම දඩයම් කරන්නෙ නෑ. මම මංත්‍රී කෙනෙක් නේ ටිකක් අන්දුන්කුන්දුන් වෙච්ච මහින්ද මහත්තයට මූ නරියෙක් බව මතක් උනා.
 මෙන්න මෙතනදි තමයි මහින්ද මහත්තය ලොකුම අමාරැවෙ වැටුනෙ. මංත්‍රීවරැ ගැන,පාර්ලිමේන්තුව ගැන,ව්‍යවස්ථාදායකය,විධායකය,අධිකරනය, ආංඩුක්‍රමව්‍යවස්ථාව,නීතිය වගේ හැම අටමගලක් ගැනම  මේ කැලේ ගැන විතරක් දන්න මෝඩ නරියට කියල දෙන්න මහින්ද මහත්තය ‍දන්න සේරම සෙල්ලන් සේරම දැම්මත් වැඩේනම් සාර්ථක වෙන පාටක් පෙනුනෙ නෑ.
 ඕක මහ විකාරයක් නෙවැ උන්නැහේ. නීතියි, අධිකරණයයි පාර්ලිමේන්තුවයි, ආංඩුක්‍රමව්‍යවස්ථාවයි. මොන කරදර ගොඩක්ද? මහින්ද මහත්තයගෙ මේ කථා ගැන ඔලුව විකාර වෙච්ච නරිය තමන්ගෙ නොදන්න කම වහගන්නත් එක්ක  ටිකක් නොරැස්සන විදියට කෑ ගැහුව.
 අපේ මේ කැලේ නම් තියෙන්නෙ එකම එක නීතියයි
 එකම නීතියයි .ඒ මොකක්ද අප්ප   මහින්ද මහත්තය ඇස් ලොකු කරගෙන ඇහුව.
 කැලෑවෙ තියෙන එකම නීතිය තමයි පුළුවන් එකා බැරි එකාව අල්ලගෙන කෑම නරිය නරිය ගෙරවිල්ලකුත් දාලම කිව්ව.

මහින්ද මහත්තය එදා කොහොමහරි නරියගෙනුත් බේරිලා කැලෑවෙනුත් එලියට ආව කියල ඔයාල දන්නවනේ. හැබැයි  ජනාධිපති උනාට පස්සෙ තමයි මේ නරිය කියපු කථාව කෙයි තරම් ඇත්තද කියල නම් තේරිලා තිබුනෙ.ඉතිං දැන් මහින්ද මහත්තයගෙ එකම උත්සාහය මේ එකම නීතිය රටේ නීතිය කරන්න.

10 comments:

  1. What a sarcastic yarn.Exactly it is the law of this country.

    ReplyDelete
  2. සුපිරි පිරි ඉතිරි යාන් හෑලි.. ඒකයි මේ කේස් එක එහෙනම්.. ඔය නරියා අලි එක්ක ඉන්න එකෙක්ද හැබෑට...

    ReplyDelete
  3. ඇත්තෙන්ම නරියෙක්ගෙන්ම ද කොහේද ඉගෙනගෙන තියෙන්නේ . . ලමයින්ව එහෙම වඩාගෙන . . ගෑනුන්ගේ පස්සට පොඩි හුරතල් තට්ටු එහෙම දාලා ආච්චිලව බදාගෙන ඔකෝම කරලා පස්සේ නේ බඩු මිල වැඩි කරලා දූෂනය අරව මේවා ඔක්කෝම කරලා අර හුරතල් කොරපු උන්ව දඩයම් කොරන්නේ . .. :D

    ReplyDelete
  4. හීන් ටොක්ක
    ජයවේවා!

    ReplyDelete
  5. මරු මරු --නිර්මාණාත්මක වැඩක්...

    ReplyDelete
  6. නරියට තාම අධිපති උපදේශක එකක්වත් හම්බවුනේ නැත්ද?

    ReplyDelete
  7. American president bush, then Obama , also met the same fox. But that time fox gave a additional tip. Jungle law should not used against it's own kind, so American presidents have avoid the use of it against the Americans....

    ReplyDelete
  8. හි හි... පොඩියට කිව්ව ලොකු කතාවක්...



    ජය...

    ReplyDelete