Sunday, November 18, 2012

අගවිනිසුරැවරිය සර්වබලධාරියා හා ආරෝවකට ගියේ ඇයි?


රාජපක්ෂ ආංඬුවට නීතියෙ ඉතිරිව ඇති  අන්තිම යට ඇඳුමත් ගලවනතුරැ නින්ද යන පාටක් පෙනෙන්නට නැත.  අවිනිසුරැවරියද අවනතවන බවක් පෙන්වන්නේ නැත. දේශාභියෝගය හරහා ඇයව ඉවත්කිරීම පහසු කටයුත්තක් නොවන බවද පෙනේ. ආංඬුවේ අපේක්ෂාව වන්නේ ඉල්ලා අස්වන තැනට ඇයව පෙළඹවීමයි.  අවසානය කුමක් වුවද  ඇය වෙවැනි සටනකට පිවිසුනේ ඇයි දැයි මදක් සිතා බැලීම වටී. ඒ ඇයට බොහෝ දෙනෙකුමෙන් ඉතා පහසුවෙන් අවනත වී බොහෝ දේ ලබා ගත හැකියාවක් තිබූ නිසයි.


ශිරානි බංඩාරනායක මහත්මිය අධිකරනයේ විනිසුරැවරියක වශයෙන් පත්වීම නීතිය කෙසේවෙතත් සදාචාරාත්මකව විවාද සහගතය. කොළඹ විශ්වවිද්‍යයාලයේ නිති අංශයේ පීඨාධිපතිනියව සිටි ඇය අධිකරනයට පත්කරන ලද්දේ චන්ද්‍රකා කුමාරතුංග මහත්මියයි. එයට චන්ද්‍රකා මහත්මියට යම් බලාපොරොත්තුවක් නොතිබෙන්නට නොහැක. එම අපේක්ෂාවන් ඉටු වුවද නොවූවද ඇය අගවිනිසුරැ ධූරයට පත්වන තුරැම විධායකයට බලපෑම්සහගත තත්වයකින් කටයුතු නොකල බව පැහැදිලිය. ඇය එසේ කටයුතු කලේ නම් ජනාධිපතිවරයා විසින් කිසි ලෙසකින් ඇය අගවිනිසුරැ ධූරයට පත් නොකරනු ඇත.


නමුත් ඇය අගවිනිසුරැ වශයෙන් පත්වූ පසු ඉතා ඍජු හා එඩිතරව අධිකරනයේ ස්වාධීනත්වය වෙනුවෙන් තීන්දු තීරන ගත්තාය. විශේෂයෙන් අරවින්ද විනිසුරැවරයා සම්බන්ඳයෙන් මෙන්ම දිවිනැගුම පනත පිලිබදව දුන් තීන්දුවෙන්ද මෙය මැනැවින් පැහැදිලි විය. මේ සියල්ලටම වඩා අධිකරන කොමිසන් සභාවේ ලේඛම්වරයා හරහා අධිකරනයේ ස්වාධීනත්වයට එල්ලවන බලපෑම් පිලිබදව ප්‍රකාශයන් නිකුත්කිරීමට පියවර ගැනීම විධායකයේ කෝපයට ලක්වූ බව පැහැදිලිය. මංජුල තිලකරත්න මහතාට පහරදීම අගවිනිසුරැවරියට එල්ලකල පැහැදිලි අනතුරැඇඟවීමක් විය.



අගවිනිසුරැවරියගේ සැමියාද මෙම නාටකයේ වැදගත් චරිතයකි. ඔහු බබෙකුයැයි අප නොසිතුවද තෙන්පරාදුවූ දේශපාලකයන් අගවිනිසුරැවරිය බා ගැනීමට ඔහුව ඇමක් කර ගත්තාද? දූෂනය යනු මේ ආංඩුව විසින් දෙන ප්‍රථිලාභයක් පමනක් නොව එරෙහිව යාන්නේනම් කරන දඬුවමද වෙයි. ජනාධිපතිවරයා විසින් ඔහුව
ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිවරයා ලෙස පත්කරනු ලබන්නේද අත ලෙවකෑමට නම් විය නොහැක. ආන්දොලනාත්මක කොටස් වෙළදපොල ගනුදෙනුවත්,ඒ අවස්ථාවේ ඒ පිළිබඳව කටයුතු නොකර මේ අවස්ථාවේ අල්ලස් හා දූෂන කොමිසම හරහා අධිකරනයට නඩුවක් ගොනු කිරීමත් මේ ආංඩුවේ කෙක්කෙන් බැරිනම් කොක්කෙන් වැඩේ කර ගැනීමේ න්‍යයයි. දේශාභියෝගයේ ප්‍රධාන චෝදනාව නිර්මානය වන්නේ මේ සිදුවීම හරහාය. 



මෙවැනි තත්වයක් යටතේ අගවිනිසුරැවරිය විසින් සර්වබලධාරී විධායකයට   අවනත නොවී කටයුතු කිරීමට පෙළඹුනේ ඇයි? ඇයට පහසුවෙන්ම යටත්වීමේ විකල්පයට යොමු විය හැකිව තිබුනි. සමහර විට ඇය අධිකරනයේ උත්තරීතර කාර්්‍යයභාරය වටහාගෙන කුමන තර්ජනයක් හමුවේ හෝ ස්වාධීනව කටයුතු කිරීමට උත්සාහ ගන්නා එඩිතර කාන්තාවක් විය යුතුයි. නැතිනම් මීටත් වඩා දුර ගමනක් යාම ඇගේ අදහස  විය හැක.


ඇය මේ කුමන අදහසකින් කටයුතු කරන්නේදැයි අපට දැනට කල හැක්කේ අනුමානයක් පමනි. මිනිසා තුල බලය සඳහා වෙන පෙළඹවීම අහාර සහ ලිංගිකාශාව තරම්ම ප්‍රභලය. එය ගැරහිය යුතු හෝ හෙලාදැකිය යුතු දෙයක් නොවේ. වැදගත් වන්නේ බලය හා කරන  ගනුදෙනුවේදී අනුගමනය කරන උපක්‍රමවල ශිෂ්ඨසම්පන්න බවයි.


මේ කුමක් වුවත්  අනාගත අභියොග හමුවේ ඇය කෙසේ ක්‍රියා කරයිද යන්න මත දේශපාලන සුභ සිහින දකින්නන්ට තම සිහින අලුත් කර ගැනීමේ වාසනාව උදාවනු ඇත.



ප/ලි

රනිල් තමන්ට එල්ලවිය හැකි අනතුර පැහැදිලිව තේරැම් ගෙන ඇති බව පෙනේ. සරත් එන් සිල්වාගේ සුපුරැදු අත්තට පියඹායාම මෙන්ම අර්ජුන සහ ටිරාන්ගේ අත්ත අතහැරීමද මේ අලුත් සිහිනයට සම්බන්ඳද?

6 comments:

  1. ශිරානි කොච්චර දැගලුවත් වැඩක් නෑ ලොක්කට විරුද්ධ උනොත් ලොක්ක කෙක්කෙන් හරි කොක්කෙන් හරි ගෙඩිය බිම දානව.අධම පාලකයෙක් රටට බිහි වී ඇත.

    ReplyDelete
    Replies
    1. ලෝකෙ ඉක්මනට වෙනස් වෙනව.තව අවුරැදු පහකින් හුඟක් දේවල් වෙනස් වෙවි.

      Delete
  2. තුන්වන බලවේගයකට මෙරට තුල තැනක් නොමැති බව. කෘතහස්ත දේශපාලඥයින් දෙදෙනකු වන ගාමිණි දිසානායක හා ලලිත් ඇතුලත්මුදලි විසින් ඔප්පු කොට පෙන්වූයේය. අද ටැක්ටර් සාධුට තියෙන පිලිගැනීමවත් ෆොන්සේකාට නැති කළ මේ නෝනා ගැන කුමන කතාද...? තම ස්වාමියා ඉවත් කිරීමෙන් පසු පමණක් ආන්ඩුවට රිදවන්න ගියේ ඇයි. ඊට පෙර ලස්සනට කඩේ ගියේ ඇයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ධනවාදයෙ ප්‍රග්ධනය සුරක්ෂිත කරන උපක්‍රමයක්. ඒකට සුදුසුම පුද්ගලය ඒක විසින්ම බිහිකරනව.
      ඊලඟ ජනාධිපතිවරනයට හොඳ ජොකියෙක් ඕන කරනව.

      Delete
    2. මාතලන් මතුකරන තර්කය ඩෙඩ් ලොක් එකක් වගේ , එහෙම නම් අගවිනිසුරුගේ මහත්තයව පෝස්ට් එකකට දැම්මේ මොකද , අගවිනිසුරුගේ ඔක්කොම වැරදි පේන්නේ ආණ්ඩුවට විරුද්ධව තීන්දු දුන්නාමද කියන ප්‍රශ්නත් මතු කරන්න ඕනි . දෙගොල්ලන්ගෙම වැරදි තියන නිසා ,කාටවත් කාගෙවත් චෝදනා ප්‍රතික්ෂේප කරන්න බෑ , උත්තර දෙන්න වෙන්නේ චෝදනාවකින්ම විතරයි

      Delete
    3. ඔවු අපට නීරීක්ෂකයින්ගෙන් එහා තැනක් මේ ක්‍රමයෙ නෑ. ප්‍රථිවිරෝධතා මතුවෙන්න ඕන ක්‍රමය ඇතුලෙන්මයි.

      Delete