Friday, December 7, 2012

හිත හදාගන්න. දෙසැම්බර් 21 ලෝක විනාශය ස්ථිරයි.


දෙසැම්බර් 21 දාට ලෝකෙ විනාස වෙනව කියන බොරැ කථාව කොහොම හැදුනද මන්දඅල්ලපු ගෙදර සරත් වැට අසලට වී කල්පනා කරමින් සිටිනවා දුටු මම කීවෙමි.

ඔය බොරැව දැන්වත් නවත්තල දාපං සරත් මාගේ කථාවට අප්‍රසාදය පල කලේය.

බොරැව කිව්වෙ ලෝකෙ විනාස වෙනව කියන කථාවද මම ඇසුවේ ඔහුගේ අප්‍රසාදය තේරැම් ගැනීමට අපහසු වූ නිසයි.

නැහැ. ලෝක විනාසෙ වෙන්නෙ නෑ කියන කථාව සරත් කේන්තියෙන්  කීවේය.

ඒ කියන්නෙ 21දාට ලෝකෙ විනාස වෙනව කියල උඹ විස්වාස කරනවදමම සිනාසෙමින් ඔහු දෙස බැලුවේය.

ඔය රැවටිල්ල නවත්තල දැන්වත් ඇත්තට මූන දීපං ඔහු දැඩි ලෙස මා දෙස බලා කීවේය.

මොකක් මට මේ කිසිවක් තේරැම් ගියේ නැත.

මේ මචං. ලෝකෙ විනාස වෙන්නෙ නෑ කියල  එක එකාට හිනාවෙන එකයි, අන්දන්න හදන එකයි දැන්වත් නවත්ත ගනින්.උඹල අපි හැමෝම දැන් දන්නවනේ 21දාට ලෝකෙ විනාස වෙනව කියල.මමත් මෙච්චර දවස් ඕක බොරැවක් කිය කියා ආතල් එකක් ගත්ත තමයි. ඒත් දැන් ඔය බොරැ කර කර ඉන්න කාලයක් නෑ. මොන දේටත් තියෙන්නෙ තව සති දෙකයිනෙ

සරත්ගේ කථාව ඇසූ මම ඔහු දෙස හොඳින් බැලුවේ විහිලු නොකරන බවට සැක හැර ගැනීමටයි. නැත ඔහු මෙය පැවසුවේ ඇත්තටමය. ඔහුගේ මුහුනේ වූයේ දැඩි කම්පනයකි.

මේ උඹට අසනීපයක් හෙම නෑ නේද මම වැටෙන් පැන ඔහු ලඟටම ගොස් ඇසුවේය.

මට ඇති අසනීපයක් නෑ. එහෙමනන් මේ ලංකාවෙ හැමොම අසනීප කාරයො වෙන්න එපායැ. මම මේ කල්පනා කරන්නෙ මේ ඉතුරැ ටික දවසෙ මොනවද කරන්න  තියෙන්නෙ කියල සරත් ඉවත බලාගනිමින් කීවේය.

එහෙම ලොක විනාසයක් වෙන්නෙ නෑ බං. උඹ මේ බොරැවට බය වෙලා. මම කවදාකවත් හිතුවෙ නෑ මේ වගේ පිස්සු කථා විස්වාස කරන්න තරම් උඹ මෝඩයෙක් කියල මම අනුකම්පාවෙන් ඔහුගේ කර මත අතක් තබාගෙන කීවේය.

ඕක නිකන් කට කථාවක්. ඔය විද්‍යාඥයො, අපේ හාමුදුරැවරැ හැමෝම කියල තියෙන්නෙ එහෙම දෙයක් වෙන්නෙ නෑ කියල. ඒ විතරක් නෙවේ ඇමරිකාවෙ නාස එකෙනුත් කියල තියෙනවමම ඔහුව සැනසීමට උත්සාහ දැරැවේය.

ඔය හැමෝම බොරැ බං කියන්නෙ. මම ඕව විස්වාස කරන්නෙ නැති ප්‍රබුද්ධ පොරක් කියල බොරැවට අනික් අයට පෙන්නනව. ඒ උනාට හැමෝම දන්නව 21 දාට ලෝකෙ විනාස වෙනව කියල. මම මේ කියන්නෙ බය හින්ද නෙවේ. 21දාට මැරෙන්න මම හිත හදාගෙන ඉන්නෙ. මට ඉවසන්න බැරි මේ බොරැව. ඇයි අපි එහෙම දෙයක් වෙන්නෙ නෑ කියල එක එකා රවට්ට ගන්න හදන්නෙ. උඹයි ,මමයි හැමෝම දන්නව 21 වෙනිදට මේ ලොකෙ විනාස වෙනව කියල ඔහු ආවේගශීලී ලෙස කියාගෙන යන්නට විය.

මට තේරෙන්නෙ නෑ උඹ මේ මොනවද කියන්නෙ කියල. උඹ කොහොමද හරියටම දන්නෙ 21දාට ලෝකෙ විනාස වෙනව කියල මම දැඩි හඬින් ඇසුවේය.

ඕක ඉතිං මම අලුතෙන් විස්වාස කරන්න ඕන දෙයක්යැ. මේ රටේ හැම මනුස්සයම විස්වාස කරනවනේ 21 දාට ලෝකෙ විනාසෙ වෙන බව

හරි දැන් උඹ හරියටම දන්නෙ කොහොමද ලංකාවෙ හැම මනුස්සයම ලෝක විනාශය වෙනව කියල විස්වාස කරන බව

වෙන මුකුත්ම ඕන නෑ. දැන් බලපං මේ රටේම සිද්ධ වෙන දේවල්. එකාට එකා මරා ගන්නව. ළමයි,ගෑනු, වයසක අය කියලවත් බලන්නෙ නෑ. සීයල,තාත්තල තමන්ගෙම මිනිපිරියො, දුවරැ දූෂනය කරනව. නාකි ගෑනුන්ටවත් බේරෙන්න බෑ. හොරකම් මංකොල්ල කෑම් කෙරෙන්නෙ මහ දවල්. හැමෝම බලගෙන ඉන්දැද්දිමයි.  හාමුදුරැවරැ ආගම පැත්තකින් තියල හොරකම්, මැරකම් කරන්න පටන් අරගෙන. පාලකයෝ රටේ විකුන්න පුළුවන් හැම දේම විකුනන් කනව විතරක් නෙවේ රට උගසට තියල ගන්න සල්ලිත් හොරකම් කරනව. රටේ නීතියක් කියල දෙයක් නෑ. පාලකයින්ට ඕන දේ තමයි නීතිය ඔහු කථාව මදකට නතර  කලේය.

ආ..මේව  හින්දද මේ ලොකෙ විනාස වෙනව කියන්නෙ. ඔය  ඉතිං අපේ රටේ හැටිනෙ. මේවට ඉතිං ඔය තරම් කලබල වෙන්න ඕන නෑනේ බං මම සිනා සෙමින් කීවෙමි.

මම ලෝකෙ විනාස වෙනව කියල විස්වාස කරන්නෙ ඕව හින්ද නෙවේ බං සරත් වේගයෙන් කීවේ මා දෙස රවා බලමිනි.

එහෙනන්

ලෝකෙ හෙට අනිද්ද විනාස වෙනව කියල මේ රටේ මිනිස්සු විස්වාස කරන්නෙ නැත්තම්, මෙච්චර විනාසයක් වෙද්දිත් ඇහැ කන පියාගෙන ඕන දෙයක් වෙච්චාවෙ කියල  මිනිස්සුන්ට  මෙහෙම නිකං බලන් ඉන්න පුළුවන් කියල උඹ  හිතනවද