Sunday, November 4, 2012

ගල නැති සීගිරිය සහ බඩු නැති කෞතුකාගාරය


මේ තමයි ලෝකෙ අටවන පදුමය හැටියට සැලකුන සීගිරිය රජයේ නිළධාරියකු අධ්‍යාපන චාරිකාවකට පැමින සිටි ශිෂ්‍යයින් පිරිසකට සීගිරිය ගැන කරැනු පහදයි.

මීට අවරැදු 2000 විතර ඉස්සර කාශ්‍යප රජතුමා තමයි සීගිරිය මුලින්ම තමන්ගෙ රාජ්‍යය කරගෙන සීගිරි ගල උඩ තමන්ගෙ මාලිගාව හදාගත්තෙ නිළධාරියා ඉතා උවමනාවෙන් කාශ්‍යයප රජතුමා,මුගලන් කුමරැ, ඔවුන් අතර ඇතිවූ යුද්ධය,සීගිරි අප්සරාවන්, ඒ හා බැඳුනු නොයෙක් මතවාදයන් ගැන ලමයින්ට දීර්ගව විස්තර කරයි.

කථාව අසා සිටින ලමයින් එකිනෙකාගේ මුහුනු දෙස බලමින් ඉඟි බිඟි පාන්නට වෙයි. මුනු මුනු ගාමින් නිළධාරියා  දෙස බලයි. අවසානයේ නොඉවසිලිමත් වූ එක් ලමයෙකු ඔහුගේ කථාවට බාදාකරමින් කෑ ගසයි.

ඉතිං මෙතන ගලක් නෙවේනේ තියෙන්නෙ වලක්නෙ

කොහේද මේ ලමයින්ට ඉවසිල්ලක් නෑනේලමයිනගේ නොහික්මුනු කම ගැන අපුසාදයට පත්වන නිළධාරියා  රවා බලමින් කියයි.

හැමෝම තමන්ගෙ රටේ ශේෂ්ඨ ඉතිහාසය ගැන ,අපේ මුතුන් මිත්තන්ගෙ විශ්මිත නිර්මාන ගැන දැනගන්න ඕන. අසංවර  අය වගේ කෑ ගහල හරි යන්නෙ නෑ

ඒ සීගිරි ගල මෑතක් වෙන තුරැම මෙතැන තිබිල තියෙනව.මේ තියෙන්නෙ ගල ඉවත්කරනකොට හැදිච්ච වල. මේ වලේ ප්‍රමානය අනුව ඔයාලට හිතාගන්න පුළුවන්නේ ඒ සීගිරි ගල කොච්චර විශාල වෙන්න ඇද්ද කියල
අවශ්‍යය අයට වෙබ් එකෙන්  සීගිරි ගල දැකගන්න පුළුවන්

‍රජය දැන් මේ වල පුරා විද්‍යා ස්මාරකයක් හැටියට අනාගත පරපුර වෙනුවෙන්රැකගන්න  අවශ්‍යය හැම පියවරක්ම අරගෙනයි තියෙන්නෙ



*************************************

විදේශ සංචාරකයින් පිරිසක් සමග කෞතුකාගාරය නරඹමින් සිටී.

මේක අවුරැදු 2500 වඩා ඉතිහායක් තියෙන රටක්. සාගර වගේ වැව්, අහස උස දාගැබ්, සමාධි ප්‍රථිමාව වගේ කලා නිර්මාන ඉදිකරපු ජාතියක්කෞතුකාගාර නිළධාරියෙකු ඉතා විශිෂඨ ලෙස රටේ ඉතිහාසය ගැන සංචාරකයින්ට  කරැනු පහදයි.

උඹල හරි ශේෂ්ඨ ජාතියක්නෙ ඔහුගේ කථාවෙන් පුදුමයට පත්වන සංචාරකයින්, නිළධාරියා  දෙස ගෞරවයෙන් බලා කියයි.

මේ තියෙන්නෙ මීට අවුරැදු 2000 ඉස්සර මේ රටේ භාවිතාකල කාසි නිළධාරියා ප්‍රදර්ශනයට තබා තිබූ වීදුරැ පෙටිටියක් පෙන්වයි.සංචාරකයින් සියල්ලෝම ඇස් ලොකුකරගනිමින් වීදුරැ පෙට්ටිය දෙස විමසිල්ාන් බලා නැවත නිළධාරියා දෙස කුතුහලයෙන් බලයි.

කෝ මේකෙ  තියෙන්නෙ පින්තූර විතරයිනෙ සංචාරකයින් එහි පුවරැවල ඇති විස්තර කියවමින් අසයි.

අපි ආරක්ෂාවට ඒ භාංඩ මෙතනින් ඉවත් කරල තියෙන්නෙ නිළධාරියා නොසැලකිලිමත් ලෙස පවසයි.

ආ.. මේ තියෙන්නෙ  පුර‍ාන රජවරැ පාවිච්චි කල අයුධ නිළධාරියා තවත් වීදුරැ පෙට්ටියක් පෙන්වමින් කියයි.

කෝ ඒකෙත් තියෙන්නෙ පිංතූර විතරයිනෙ. ඒවත් ආරක්ෂිව තියලද තියෙන්නෙසංචාරකයින් නැවත විමසයි.

ඇත්ත ඒවත් ඔය පිංතූර වගේම තමයි නිළධාරියා ලැජ්ජාවෙන් ඉවත බලාගනිමින් කියයි.

මේක තමයි  රටේ අන්තිම රජතුමාගෙ ඔටුන්න නිළධාරියා හොරැහින් සංචාරකයින් දෙස බලමින් කියයි.

තමුසෙල හරි මිනිසුසුනේ. මොකද මෙහෙම කෞතුක භාංඩ  සේරම අයින් කරල තියෙන්නෙ සංචාරකයින් පිරිස නොයිවසිලිමත්ව චොදනාත්මකව නිළධාරියා විමසයි.

තමුසෙලනම් කියයි. අපේ දේවල් රැකගන්න ඕන අපිමනේ සංචාරකයින්ගේ කථාවෙන් කෝපයට පත්වන නිළධාරියා වේගයෙන් කියයි.

කුමාරයින්ට සෙල්ලන් කරන්න සෙල්ලන් බඩු නැතිඋනත් දුවගෙන එන්නෙ මෙහාට.පාරෙ රස්තියාදුකාරයෙක් බීඩියක් බොන්න සල්ලි නැතිඋනත් දුවගෙන එන්නෙ මෙහාට

ඒක නිසා අපි කෞතුකාගාරේ සේරම බඩු ඇමරිකාවෙ සී.අයි.ඒ. එකට  බාර දුන්න. ආරක්ෂාවට

ඔයගොල්ලන්ට ඇත්තම ඒව බලන්න ඕනනම් එහේට ගිහින් බලාගන්න පුළුවන්

8 comments:

  1. සුපිරි කතාව. අනිවා මේ විදිහට වෙනවාමයි ඔහොම ගියොත්. ස්කෝලයක් සංවර්ධනය කරන්න ඉස්කෝලේ වත්තේ තියන ගස් ටික කපලා විකුනන්න යෝජනාවක් ගෙනාපු ග්රේෂ්ඨ ඇමතිවරු ඉන්න රටේ සීගිරියත් කළුගල්වලට කඩලා රටේ සංවර්ධනයට යොදවන කාලේ අද හෙටම ඒවි. එදාට තමයි මේ කියනවා වගේ සීගිරිය ගල වෙනුවට "වලක් " බලන්න වෙන්නේ

    ReplyDelete
    Replies
    1. මේ යන විදියට ගියොත් වෙන්නෙ ඒක තමයි පැතුම්

      Delete
  2. සීගිරිය නම් එහෙමම වෙන්න පුළුවන්. කටුගේ එහෙම වෙන එකක් නෑ. ඩුප්ලිකේට් බඩු හඳන වැඩ කාරයෝ ඉන්නවනේ. ඒ නිසා දෙවන කතාව දේශද්‍රෝහී කතා ගනයට වැටෙන්න ඉඩ තියෙනවා...

    ReplyDelete
    Replies
    1. අපි ඉතිං කොහොමත් දේශදේහියො තමයි බං

      Delete
  3. ගලට වඩා හොඳයි බන් වල.

    ReplyDelete
  4. දැනුත් එහෙමනේ... අපේ කෟතුක බඩු කීයක් මහ රැජිණ ආරක්ෂාවට තියාගෙන ඉන්නවද?

    ReplyDelete
  5. කළු ගල් වලට විකුණාගෙන සීගිරිය.....
    සීගිරි කුරුටු ගී බයිලා කල හැකිය............

    පට්ටයි බන්

    ReplyDelete
  6. කියල වැඩක් නැහැ සුපිරිම පහරක් එල්ල කරලා තියෙන්නේ එල එල සහෝ.

    ReplyDelete