Friday, November 9, 2012

අයවැය සමයං


ජනාධිපතිතුමා අයවැය හදන්න පොතකුයි, පෑනකුයි අරගෙන මේසෙ ලඟින් ඉඳගත්ත.


මුලින්ම ජනාධිපති වෙච්ච මම බෙදාගන්න එපායැ කියල හිතාපු ජනාධිපතිතුමා ලොකුම පංගුව තමන්ටම බෙදා ගත්ත. ඊලඟට නැවතිල්ලෙ තවත් ටිකක් කල්පනා කරේ ඇතිවෙයිද කියල ෂුවර් නැතුව. ආර්්‍යාව, දරැවො තුන්දෙනා ගැනත් නොහිත පුළුවනෑ. අත්තෙ ඉන්න එකා කන්න ඕන අත්තෙ තියෙන දෙයක්ම තමයි. මෙහෙම හිතාපු ජනාධිපතිතුමා මදිඋනොත් විසර්ජන පනත් ගේන්න කරදර වෙන්නෙ මොකටද කියල හිතල තමන්ගෙ ගොඩට තව ටිකක් දා ගන්ත.


ඊලඟට ගෝඨ මලය. අපට ආරක්ෂාව දෙන මිනිහනේ. හොඳට කාල බීල ඉන්න එපායැ. මෙහෙම හිතාපු ජනාධිපතිතුමා ඊලඟ පංගුව ගෝඨට බෙදුව.


ඊ ලඟට බැසිල් මලය. මිනිහටනම් කොච්චර දුන්නත් මදි. දිවිය නග්ගගන්න දඟලන දැඟලිල්ලට මිනිහටත් ටිකක් වැඩියෙන් නොදී කොහොමද? ජනාධිපතිතුමා බැසිල් මලයටත් ලොකු පංගුවක් බෙදුව.


ඊලඟට ලොකු අයිය චමල්. අනේ ඉතිං අයියල දාස් ගානක් ඉන්න එකක්යැ. ජනාධිපතිතුමා චමල් අයියටත් පංගුවක් බෙදුව.

 ඊලඟට ඇමැට්ටො ටික. මුන් නම් සත පහකට විස්වාස කරන්න බැරි ජාතිය. ඒත් දෙන දේකින් තමයි මුන් කොන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙන්නෙත්. මෙහෙම හිතාපු ජනාධිපතිතුමා ඊලඟ පංගුව ඇමැට්ටන්ට වෙන් කරා.


ඊ ලඟට මංත්‍රීල. ජනාධිපතිතුමා ටිකක් කල්පනා කරේ ඇමතිකම් නැති මංත්‍රීල තව කී දෙනෙක් ඉන්නවද කියල. කෙහොම උනත් ඊලඟ චන්දෙට මුන් කීයක් හරි හොයාගන්න එපායැ. ඒක හින්ද ජනාධිපතිතුමා ඊලඟ පංගුව මංත්‍රීලට බෙදුව.


තව කවුද ඉන්නෙ. ජනාධිපතිතුමා කල්පනා කරන්න පටන් ගත්ත. වෙන බෙදා දෙන්න ඕන කෙනෙක් ගැන එතුමගෙ ඔලුවට ආවෙම නෑ. 

 මෙන්න මේ වෙලාවෙ තමයි ජයසුන්දර බ්‍රෝකර් උන්නැහේ මෙතනට කඩා පාත් උනේ. 


තමුසෙත් කියවල බලනවකො තව කාටද බෙදල දෙන්න ඕන කියල ජනාධිපතිතුමා අයවැය ජයසුන්දරට දෙන ගමන් කිවව.

 අපි මහජනය ගැනත් හිතන්න ඕන නේද ජනාධිපතිතුමා බ්‍රෝකර්තුමා බජට් එක කියවල ජනාධිපතිතුමා  දිහා හොර බැල්මක් දාල ඇහුව.


ඇයි මම මිනිස්සු ගැන හිතන්නෙ නැහැ කියලද හිතන්නයකෝ මටත් වඩා මහජනයා ගැන හිතන්න මූටත් චන්දෙ ඉල්ලන්න හිතිලද කියල හිතාපු ජනාධිපතිතුමා ටිකක් සැර උනා.


මම එහෙම ගුන මකුවෙක් නෙමේ අයිසෙ. මම සංවේදී නායකයෙක්. මිනිස්සු හින්ද තමයි අපි අද මෙතැන ඉන්නෙ


මම මේ දැනුත් හිත හිතා හිටියෙ මහජනතාව ගැන තමයි


එහෙනම් තමුසෙම ලියාගන්නවකො. යන වියදම්  සේරම මහජනතාවගෙන් අයකරගන්න කියල

ජනාධිපතිතුමා බජට් එක හදල ඉවර කරා.

5 comments:

  1. පට්ට. එහෙනම් ඒකයි වෙලා තියෙන්නේ. ඔහේගේ යාං නම් මරු...

    ReplyDelete
  2. ජනතාවටත් වගේවගක් නැතිව ඉන්න එකනේ පුදුමේ කියන්නේ.

    ReplyDelete
  3. What humorous article!It is exactly what this budget is.

    ReplyDelete
  4. වේච්චි දෙයක්...

    ජය..

    ReplyDelete
  5. ක්‍රිෂ්ණාNovember 10, 2012 at 8:59 AM

    ධූර-දර්ශන්

    ReplyDelete