Friday, December 7, 2012

හිත හදාගන්න. දෙසැම්බර් 21 ලෝක විනාශය ස්ථිරයි.


දෙසැම්බර් 21 දාට ලෝකෙ විනාස වෙනව කියන බොරැ කථාව කොහොම හැදුනද මන්දඅල්ලපු ගෙදර සරත් වැට අසලට වී කල්පනා කරමින් සිටිනවා දුටු මම කීවෙමි.

ඔය බොරැව දැන්වත් නවත්තල දාපං සරත් මාගේ කථාවට අප්‍රසාදය පල කලේය.

බොරැව කිව්වෙ ලෝකෙ විනාස වෙනව කියන කථාවද මම ඇසුවේ ඔහුගේ අප්‍රසාදය තේරැම් ගැනීමට අපහසු වූ නිසයි.

නැහැ. ලෝක විනාසෙ වෙන්නෙ නෑ කියන කථාව සරත් කේන්තියෙන්  කීවේය.

ඒ කියන්නෙ 21දාට ලෝකෙ විනාස වෙනව කියල උඹ විස්වාස කරනවදමම සිනාසෙමින් ඔහු දෙස බැලුවේය.

ඔය රැවටිල්ල නවත්තල දැන්වත් ඇත්තට මූන දීපං ඔහු දැඩි ලෙස මා දෙස බලා කීවේය.

මොකක් මට මේ කිසිවක් තේරැම් ගියේ නැත.

මේ මචං. ලෝකෙ විනාස වෙන්නෙ නෑ කියල  එක එකාට හිනාවෙන එකයි, අන්දන්න හදන එකයි දැන්වත් නවත්ත ගනින්.උඹල අපි හැමෝම දැන් දන්නවනේ 21දාට ලෝකෙ විනාස වෙනව කියල.මමත් මෙච්චර දවස් ඕක බොරැවක් කිය කියා ආතල් එකක් ගත්ත තමයි. ඒත් දැන් ඔය බොරැ කර කර ඉන්න කාලයක් නෑ. මොන දේටත් තියෙන්නෙ තව සති දෙකයිනෙ

සරත්ගේ කථාව ඇසූ මම ඔහු දෙස හොඳින් බැලුවේ විහිලු නොකරන බවට සැක හැර ගැනීමටයි. නැත ඔහු මෙය පැවසුවේ ඇත්තටමය. ඔහුගේ මුහුනේ වූයේ දැඩි කම්පනයකි.

මේ උඹට අසනීපයක් හෙම නෑ නේද මම වැටෙන් පැන ඔහු ලඟටම ගොස් ඇසුවේය.

මට ඇති අසනීපයක් නෑ. එහෙමනන් මේ ලංකාවෙ හැමොම අසනීප කාරයො වෙන්න එපායැ. මම මේ කල්පනා කරන්නෙ මේ ඉතුරැ ටික දවසෙ මොනවද කරන්න  තියෙන්නෙ කියල සරත් ඉවත බලාගනිමින් කීවේය.

එහෙම ලොක විනාසයක් වෙන්නෙ නෑ බං. උඹ මේ බොරැවට බය වෙලා. මම කවදාකවත් හිතුවෙ නෑ මේ වගේ පිස්සු කථා විස්වාස කරන්න තරම් උඹ මෝඩයෙක් කියල මම අනුකම්පාවෙන් ඔහුගේ කර මත අතක් තබාගෙන කීවේය.

ඕක නිකන් කට කථාවක්. ඔය විද්‍යාඥයො, අපේ හාමුදුරැවරැ හැමෝම කියල තියෙන්නෙ එහෙම දෙයක් වෙන්නෙ නෑ කියල. ඒ විතරක් නෙවේ ඇමරිකාවෙ නාස එකෙනුත් කියල තියෙනවමම ඔහුව සැනසීමට උත්සාහ දැරැවේය.

ඔය හැමෝම බොරැ බං කියන්නෙ. මම ඕව විස්වාස කරන්නෙ නැති ප්‍රබුද්ධ පොරක් කියල බොරැවට අනික් අයට පෙන්නනව. ඒ උනාට හැමෝම දන්නව 21 දාට ලෝකෙ විනාස වෙනව කියල. මම මේ කියන්නෙ බය හින්ද නෙවේ. 21දාට මැරෙන්න මම හිත හදාගෙන ඉන්නෙ. මට ඉවසන්න බැරි මේ බොරැව. ඇයි අපි එහෙම දෙයක් වෙන්නෙ නෑ කියල එක එකා රවට්ට ගන්න හදන්නෙ. උඹයි ,මමයි හැමෝම දන්නව 21 වෙනිදට මේ ලොකෙ විනාස වෙනව කියල ඔහු ආවේගශීලී ලෙස කියාගෙන යන්නට විය.

මට තේරෙන්නෙ නෑ උඹ මේ මොනවද කියන්නෙ කියල. උඹ කොහොමද හරියටම දන්නෙ 21දාට ලෝකෙ විනාස වෙනව කියල මම දැඩි හඬින් ඇසුවේය.

ඕක ඉතිං මම අලුතෙන් විස්වාස කරන්න ඕන දෙයක්යැ. මේ රටේ හැම මනුස්සයම විස්වාස කරනවනේ 21 දාට ලෝකෙ විනාසෙ වෙන බව

හරි දැන් උඹ හරියටම දන්නෙ කොහොමද ලංකාවෙ හැම මනුස්සයම ලෝක විනාශය වෙනව කියල විස්වාස කරන බව

වෙන මුකුත්ම ඕන නෑ. දැන් බලපං මේ රටේම සිද්ධ වෙන දේවල්. එකාට එකා මරා ගන්නව. ළමයි,ගෑනු, වයසක අය කියලවත් බලන්නෙ නෑ. සීයල,තාත්තල තමන්ගෙම මිනිපිරියො, දුවරැ දූෂනය කරනව. නාකි ගෑනුන්ටවත් බේරෙන්න බෑ. හොරකම් මංකොල්ල කෑම් කෙරෙන්නෙ මහ දවල්. හැමෝම බලගෙන ඉන්දැද්දිමයි.  හාමුදුරැවරැ ආගම පැත්තකින් තියල හොරකම්, මැරකම් කරන්න පටන් අරගෙන. පාලකයෝ රටේ විකුන්න පුළුවන් හැම දේම විකුනන් කනව විතරක් නෙවේ රට උගසට තියල ගන්න සල්ලිත් හොරකම් කරනව. රටේ නීතියක් කියල දෙයක් නෑ. පාලකයින්ට ඕන දේ තමයි නීතිය ඔහු කථාව මදකට නතර  කලේය.

ආ..මේව  හින්දද මේ ලොකෙ විනාස වෙනව කියන්නෙ. ඔය  ඉතිං අපේ රටේ හැටිනෙ. මේවට ඉතිං ඔය තරම් කලබල වෙන්න ඕන නෑනේ බං මම සිනා සෙමින් කීවෙමි.

මම ලෝකෙ විනාස වෙනව කියල විස්වාස කරන්නෙ ඕව හින්ද නෙවේ බං සරත් වේගයෙන් කීවේ මා දෙස රවා බලමිනි.

එහෙනන්

ලෝකෙ හෙට අනිද්ද විනාස වෙනව කියල මේ රටේ මිනිස්සු විස්වාස කරන්නෙ නැත්තම්, මෙච්චර විනාසයක් වෙද්දිත් ඇහැ කන පියාගෙන ඕන දෙයක් වෙච්චාවෙ කියල  මිනිස්සුන්ට  මෙහෙම නිකං බලන් ඉන්න පුළුවන් කියල උඹ  හිතනවද

Thursday, November 29, 2012

කීකරැ මනමාලිය


ඔන්න ලොකු මහත්තය මේ සැරේනම් පුංචි මහත්තයට හරියටම හරියන මනමාලියක් හොයාගත්ත කපු මහත්තය ගෙදරට ගොඩ උනේ ලෝකෙ  තියෙන අමාරැම දේ කරගෙන ආව වගේයි.

වාඩි වෙලා ඉන්නකො කපු මහත්තය කපු මහත්තයගෙ තරම දන්න හින්දම පෙරේර මහත්තය කලබල නැතුව කිව්ව.

ඉටි රෑපයක් වගේ ලස්සන පුංචි නෝන කපු මහත්තයගෙ කථා සද්දෙට පෙරේර නෝනත් එලියට ආවිත් ලඟ තිබුනු පුටුවක ඉඳගත්ත.

ආංඬුවෙ ලොකු රස්සාවක් කරන්නෙ.රට රටවල්වල ගිහින් ලොකු ලොකු උපාධි එහෙමත් අරගෙන ඇවිත් තියෙනව

කොහොමද පවුලෙ විස්තර එහෙම පෙරේර මහත්තයත් පුටුවක ඉඳගන්න ගමන් ඇහුව.

උඩරට වලව් පෙලැන්තියක්. පුරාන රජවරැන්ගෙන් කඩු කස්ථාන පවා ලැබිච්ච පරම්පරාවක්. පියා දිසාපතිවරයෙක්. මව ගුරැවරියක්. ලොකු පුතා ඉංරිනේරැවෙක්. ඊලඟ පුතා දොස්තර කෙනෙක්. ඊලඟ දුව විශ්ව විද්‍යාල ආචාර්්‍යවරියක්. මේ පුංචි නෝන කපු මහත්තය ලේන්සුව අරගෙන මූන පිහදාගන්න ගමන් කිව්වෙ තේ එකක් ලැබෙන්න පරක්කු මොකද කියල හිත හිතා.

ඔය වලව් කාරයො දැන් වැටිල. බොරැ පුරාජේරැව විතරයි පෙරේර මහත්තයත් බෝලයක් විසිකලා.

අපොයි මහත්තය. මෙයාල පරම්පරා සල්ලිකාරයො. බංගලාවක් එක්ක තේ අක්කර 100 උඩරටින් දෙනව. කොළඹ 07 ගෙයක් තියෙනව මේ නෝනගෙ නමට. මුදලින් ලක්ෂ 100 දෙනව. ලක්ෂ 100 වාහනයක් තියෙනව. අපේ පුංචි මහත්තයට මීට වඩා කටයුත්තක්නම් හොයාගන්න ලැබෙන්නෙ නෑ කපු මහත්තය තේ එක දෝතින්ම පිලිගන්න ගමන් කිව්ව.

ඉතිං කේනදර පොරොන්දම් එහෙමත් ගැලපෙන්න එපායැපෙරේර මහත්තය ඇසුවේ මෙය සිතා බැලිය යුතු කටයුත්තක්යැ බව පෙනුන  හින්ද.

මොනව කියනවද ලොකු මහත්තය. පුංචි මහත්තයටම මවපු නෝන. සේරම පොරොන්දම් ගැලපෙනව. කිසිම දෝසයක්.නෑ කිරියි පැනියි වගෙයි

දැන් ඒ අයත් මේ කටයුත්තට කැමතිද පෙරේර මහත්තය කපු මහත්තය දිහාට බෙල්ල දික්කරගෙන ඇහුව.

ඒකනේ. පුංචිමහත්තය ගැන කිව්ව විතරයි ඒ ගොල්ලො එක පයින් කැමතිඋනා. මම මේ ආවෙත් මහත්තයට මනමාලිව බලන්න  යන්න පුළුවන් දවසක් දාගන්න

ඔය මොනවටත් වඩා වැදගත් වෙන්නෙ කපුමහත්තයො ගෑනු ලමයගෙ චරිතෙ පෙරේර මහත්තය කිව්වෙ මනමාලි ගැන තව තොරතුරැ ටිකක් දැනගන්න හිතාගෙන.

අපොයි ලොකු මහත්තය. ඉගෙන ගන්නම කාලෙ යෙදෙව්ව මිසක් පිරිමියෙක් දිහා ඇහැක් ඇරල බලපු  කෙනෙක් නෙවේයි කපු මහත්තය හිස් කෝප්පය මේසෙ උඩින් තිබ්බ.

අපේ පුතාට හරියන්නෙ හොඳ කීකරැ දරැවෙක්පෙරේර නෝනත් ගෙදරට එන ලේලිට තියෙන්න ඕන තවත් සුදුසුකමක් මතක් කරල දුන්න.

අනේ හරි කීකරැ ළමයෙක්  ලොකු නෝන. කොච්චර කීකරැද කියනවනම් කථාව මදකට නතර කල කපු මහතා අවට වෙනත් කිසිවකු නැතිබව සහතික කර ගත්තේය.

මේ මනමාලි හැබෑවටම විස්වාස කරනවනේ ආංඞුව අගවිනිසුරැතුමිය අයින් කරන්න හදන්නෙ දූෂන වෝදනා නිසා කියල    

Saturday, November 24, 2012

ධර්මද්වීපයේ පෙට්ටගම


ඔන්න එකමත් එක රටක් තිබුන. මේ රටට කිව්වෙ ධර්මද්වීපය කියල. මේ රටේ තිබුන පරන පෙට්ටමක්. හැමෝම කිව්වෙ මේ පෙට්ටගමේ ධර්මය තියෙනව කියල. මේ රටට ධර්මද්වීපය කිව්වෙත් මේ නිසා. හැබැයි කවුරැවත් මේ පෙට්ටගම ඇරල බලලනම් තිබුනෙ නෑ.


මේ පෙට්ටගම කරගහගෙන යන කට්ටියකුත් රටේ හිටිය. මේ අය කිව්වෙ මේ පෙට්ටගම අවුරැදු 2500 කාලයක් තිස්සෙ එයාල කරගහගෙන ආව  කියල. ඉතිං මේ අය පෙට්ටගමට වඳිනව,පුදනව, දුම් අල්ලනව විතරක් නෙවේ රටේ මිනිස්සුන්ටත් එහෙම කරන්න කියනව. එහෙම කලාම හැම දේම ලැබෙනවලු. පිං සිද්ධ වෙනවලු. දිව්‍ය ලෝකෙ යන්න පුලුවන්ලු. ඉතිං මිනිස්සුත් මේ පෙට්ටගමට වඳින්න පුදන්න පුරැදු උනා.

මේ පෙට්ටගම කරගහගෙන යන අය කිව්වෙ මේ රට අයිති මේ පෙට්ටගමට කියල. මේ පෙට්ටගමේ අයිතිකාරය තමයි රටේ රජවෙන්නෙ. ඉතිං රටේ කාට හරි රජ වෙන්න ඕන උනහම කරන්නෙ මේ පෙට්ටගම කරගහගෙන යන අය හම්බවෙලා පුද සත්කාර කරන එක. එතකොට මේ පෙට්ටගම කරගහගෙන යන අය  කියනව මේ රජතුමා පෙට්ටගම රැකගන්න පොරොන්දු වෙලා තියෙන්නෙ. ඒ හින්ද රට වැසියො හැටියට රජතුමාට අවනත වෙලා එතුමට මේ පෙට්ටගම රැකගන්න උදව් වෙන්න කියල. ඉතිං එයාලත් අවනත වෙනව. රජතුමත් ඉතිං තමන්ට ඕන හැටියට රජසැප විදිනව. 


රජතුමා මෙහෙම ටික කලක් රජසැප විඳිනකොට රටවැසියොයි, පෙට්ටගම කරගහගෙන යන අයයි විතරක් නෙවේ පෙට්ටගම ගැනත් අමතක වෙනව. ඉතිං රජකම ගන්න බලාගෙන ඉන්න තව කවුරැ හරි කරන්නෙ අර පෙට්ටගම කරගහගෙන යන අය හම්බ වෙලා තමන් මීට වඩා හොඳින් පෙට්ටගම රැක බලා ගන්නව කියල පුද සත්කාර කරල රජකම ඉල්ලා හිටින එක.  ඉතිං කරගහගෙන යන අයත් කියනව අරයට වඩා මෙයා හොඳයි කියල. රට වැසියොත් මේක පිලි අරගෙන අලුත් කෙනා රජකමට පත්කර ගන්නව. අලුත් රජතුමත් රජකම අරගෙන පුරැදු විදියටම අනිත් සේරම අමතක කරල රජ සැප විඳිනව.


ඉතිං මෙහෙම තට්ටුමාරැ ක්‍රමයට එක එක රජවරැ රජසැප විදිනකොට දකුනේ  තරැණයොන්ට තේරැම් යනව මේ සෙල්ලම. ඒ අය කියන්න ගන්නව අපට පෙට්ටගමෙන් ඇති වැඩක් නෑ.කන්න අදින්න දෙන්න කියල.එහෙම නොලැබුනාම   ඒ අය රජතුමාට විරැද්ධව කැරලි ගහන්න පටන් ගන්නව. රජතුමත් පෙට්ටගම රැක ගන්න ඕන කියල කැරලි කාරයො මරල දානව.


ඊට පස්සෙ උතුරේ පෙට්ටගමට වදින්නෙ නැති තරැණයො පිරිසකුත් රජතුමාට විරැද්ධව කැරලිගහන්න පටන් ගන්නව. මේ යුද්ධය සෑහෙන දුර දිග යන යුද්ධයක් වෙනව. අන්තිමේදි මේ පෙට්ටගම රැක ගන්න නම් රට රැකෙන්න ඕන කියල රජතුමයි, පෙට්ටගම කරගහගෙන යන අයයි, රට වැසියොයි එකතුවෙලා මේ කැරලි කාරයොත් මරල දානව.


ඒත් මේව මෙතනින් නතර වෙන්නෙ නෑ.පෙට්ටගමට වඳින්නෙ නැති අයට මේ රට ඉඩ නෑ කියල එයාල වඳින ,පුදන තැන් කුඩු කරල දාන්න පටන් ගන්නව. පෙට්ටගමට වඳින මිනිස්සු අඩුවෙනව.වඳින්නෙ නැති මිනිස්සු වැඩිවෙනව කියල රංඩු වෙනව. රට පුරා එකිනෙකා මිනිස්සු මරා ගන්නව. කාන්තාවො පමනක් නෙමෙයි ලමා ලපටි පවා දූෂනය කරනව. හොරකම දූෂනය රටේ පිලිගත් දේවල් බවට පත්වෙනව. රටේ මිනිස්සු ධර්මය රැකගනිමු කියන බෝඩ් එක අතේ තියාගෙන ඕනම කැත වැඩක් කරන්න පුරැදු වෙනව. අන්තිමේදි මේ ධර්මද්වීපය මරනයේ ද්වීපය හැටියට ලෝකෙ පුරාම ප්‍රසිද්ධ වෙනව.  


මේ අතර හිටපු එක ඇට්ටර පොඩි එකෙකකුට හිතෙනව මේ පෙට්ටගමේ තියෙන්නෙ මොනවද බලන්න ඕන කියල. ඔහු බොහෝම අමාරැවෙන් පෙට්ටගම ඇරල බලනකොට ඒකෙ තිබුනෙ පරන පොතක්. ඒකෙ මෙන්න මෙහෙම ලියල තිබුන.


මාගේ මේ ධර්මය ප්‍රඥාවන්තයින්ට එතෙරවීම සඳහා මිස මෝඩයන්ට කරගසාගෙන යෑමට නොවේ

Sunday, November 18, 2012

අගවිනිසුරැවරිය සර්වබලධාරියා හා ආරෝවකට ගියේ ඇයි?


රාජපක්ෂ ආංඬුවට නීතියෙ ඉතිරිව ඇති  අන්තිම යට ඇඳුමත් ගලවනතුරැ නින්ද යන පාටක් පෙනෙන්නට නැත.  අවිනිසුරැවරියද අවනතවන බවක් පෙන්වන්නේ නැත. දේශාභියෝගය හරහා ඇයව ඉවත්කිරීම පහසු කටයුත්තක් නොවන බවද පෙනේ. ආංඬුවේ අපේක්ෂාව වන්නේ ඉල්ලා අස්වන තැනට ඇයව පෙළඹවීමයි.  අවසානය කුමක් වුවද  ඇය වෙවැනි සටනකට පිවිසුනේ ඇයි දැයි මදක් සිතා බැලීම වටී. ඒ ඇයට බොහෝ දෙනෙකුමෙන් ඉතා පහසුවෙන් අවනත වී බොහෝ දේ ලබා ගත හැකියාවක් තිබූ නිසයි.


ශිරානි බංඩාරනායක මහත්මිය අධිකරනයේ විනිසුරැවරියක වශයෙන් පත්වීම නීතිය කෙසේවෙතත් සදාචාරාත්මකව විවාද සහගතය. කොළඹ විශ්වවිද්‍යයාලයේ නිති අංශයේ පීඨාධිපතිනියව සිටි ඇය අධිකරනයට පත්කරන ලද්දේ චන්ද්‍රකා කුමාරතුංග මහත්මියයි. එයට චන්ද්‍රකා මහත්මියට යම් බලාපොරොත්තුවක් නොතිබෙන්නට නොහැක. එම අපේක්ෂාවන් ඉටු වුවද නොවූවද ඇය අගවිනිසුරැ ධූරයට පත්වන තුරැම විධායකයට බලපෑම්සහගත තත්වයකින් කටයුතු නොකල බව පැහැදිලිය. ඇය එසේ කටයුතු කලේ නම් ජනාධිපතිවරයා විසින් කිසි ලෙසකින් ඇය අගවිනිසුරැ ධූරයට පත් නොකරනු ඇත.


නමුත් ඇය අගවිනිසුරැ වශයෙන් පත්වූ පසු ඉතා ඍජු හා එඩිතරව අධිකරනයේ ස්වාධීනත්වය වෙනුවෙන් තීන්දු තීරන ගත්තාය. විශේෂයෙන් අරවින්ද විනිසුරැවරයා සම්බන්ඳයෙන් මෙන්ම දිවිනැගුම පනත පිලිබදව දුන් තීන්දුවෙන්ද මෙය මැනැවින් පැහැදිලි විය. මේ සියල්ලටම වඩා අධිකරන කොමිසන් සභාවේ ලේඛම්වරයා හරහා අධිකරනයේ ස්වාධීනත්වයට එල්ලවන බලපෑම් පිලිබදව ප්‍රකාශයන් නිකුත්කිරීමට පියවර ගැනීම විධායකයේ කෝපයට ලක්වූ බව පැහැදිලිය. මංජුල තිලකරත්න මහතාට පහරදීම අගවිනිසුරැවරියට එල්ලකල පැහැදිලි අනතුරැඇඟවීමක් විය.



අගවිනිසුරැවරියගේ සැමියාද මෙම නාටකයේ වැදගත් චරිතයකි. ඔහු බබෙකුයැයි අප නොසිතුවද තෙන්පරාදුවූ දේශපාලකයන් අගවිනිසුරැවරිය බා ගැනීමට ඔහුව ඇමක් කර ගත්තාද? දූෂනය යනු මේ ආංඩුව විසින් දෙන ප්‍රථිලාභයක් පමනක් නොව එරෙහිව යාන්නේනම් කරන දඬුවමද වෙයි. ජනාධිපතිවරයා විසින් ඔහුව
ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිවරයා ලෙස පත්කරනු ලබන්නේද අත ලෙවකෑමට නම් විය නොහැක. ආන්දොලනාත්මක කොටස් වෙළදපොල ගනුදෙනුවත්,ඒ අවස්ථාවේ ඒ පිළිබඳව කටයුතු නොකර මේ අවස්ථාවේ අල්ලස් හා දූෂන කොමිසම හරහා අධිකරනයට නඩුවක් ගොනු කිරීමත් මේ ආංඩුවේ කෙක්කෙන් බැරිනම් කොක්කෙන් වැඩේ කර ගැනීමේ න්‍යයයි. දේශාභියෝගයේ ප්‍රධාන චෝදනාව නිර්මානය වන්නේ මේ සිදුවීම හරහාය. 



මෙවැනි තත්වයක් යටතේ අගවිනිසුරැවරිය විසින් සර්වබලධාරී විධායකයට   අවනත නොවී කටයුතු කිරීමට පෙළඹුනේ ඇයි? ඇයට පහසුවෙන්ම යටත්වීමේ විකල්පයට යොමු විය හැකිව තිබුනි. සමහර විට ඇය අධිකරනයේ උත්තරීතර කාර්්‍යයභාරය වටහාගෙන කුමන තර්ජනයක් හමුවේ හෝ ස්වාධීනව කටයුතු කිරීමට උත්සාහ ගන්නා එඩිතර කාන්තාවක් විය යුතුයි. නැතිනම් මීටත් වඩා දුර ගමනක් යාම ඇගේ අදහස  විය හැක.


ඇය මේ කුමන අදහසකින් කටයුතු කරන්නේදැයි අපට දැනට කල හැක්කේ අනුමානයක් පමනි. මිනිසා තුල බලය සඳහා වෙන පෙළඹවීම අහාර සහ ලිංගිකාශාව තරම්ම ප්‍රභලය. එය ගැරහිය යුතු හෝ හෙලාදැකිය යුතු දෙයක් නොවේ. වැදගත් වන්නේ බලය හා කරන  ගනුදෙනුවේදී අනුගමනය කරන උපක්‍රමවල ශිෂ්ඨසම්පන්න බවයි.


මේ කුමක් වුවත්  අනාගත අභියොග හමුවේ ඇය කෙසේ ක්‍රියා කරයිද යන්න මත දේශපාලන සුභ සිහින දකින්නන්ට තම සිහින අලුත් කර ගැනීමේ වාසනාව උදාවනු ඇත.



ප/ලි

රනිල් තමන්ට එල්ලවිය හැකි අනතුර පැහැදිලිව තේරැම් ගෙන ඇති බව පෙනේ. සරත් එන් සිල්වාගේ සුපුරැදු අත්තට පියඹායාම මෙන්ම අර්ජුන සහ ටිරාන්ගේ අත්ත අතහැරීමද මේ අලුත් සිහිනයට සම්බන්ඳද?

Wednesday, November 14, 2012

ඉඩි අමින්ගේ යුනිෆෝම් එක.


උගන්ඩා ජනාධිපතිතුමාව හම්බවෙන්න අපේ ජනාධිපතිතුමා බලගෙන හිටියෙ ඉවසිල්ලක් නැතුව. ලොක්කෙක් උනාම ඒක දැනෙන්නෙ පොඩ්ඩො ලඟ ඉන්නකොටනේ. ඒත් මෙහේ ඉන්න එවුන් නම් දැන් සේරම පොඩි වෙලා. නැත්නම් පොඩි කරගෙන. දෙකටම නැමිලම තමයි ඉන්නෙ. ඒක නිසා ජනාධිපතිතුමාටත් දැන් මෙහේ ඉන්න එවුන් ලඟදි කිසි ගතියක් දැනෙන්නෙ නෑ. දැන් ජනාධිපත්තුමාගෙ ට්‍රයි එක පිටරට එවුන් දෙකට නමා ගන්න.
 ඒත් ඉතිං ඇමරිකන් කාරයො එංගලන්ත කාරයො දෙකට නමා ගන්නයැ. අඩුම ගානෙ ඉන්දියන් කාරයොවත් දෙකට නැමෙන්නෙ නෑ. මාල දිවයින් කාරයෙක්වත් උනත් දෙකට නමා ගන්න එක ලේසි නෑ. ඒක හින්ද ඔය ස්වාසිලන්තෙ, උගන්ඩාව වගේ නන්නත්තාර වෙච්ච රටවල කෙනෙක් දෙන්නෙක් ඉඳල හිටල ගෙන්නවල විනෝද වෙන්න ජනාධිපතිතුමා හරි කැමතියි. ටිකක් කලු උනත් මොකද?
 උගන්ඩා කාරය දැකපු ගමන් මුලින්ම ජනාධිපති තුමාට හිතුනෙ මේ මොන නාකි පඟර නැටිටෙක්ද කියල. එතුමා හිතන් හිටියෙ අර ඉඩි අමින් වගේ හතර රියන්, ෆුල් යුනිෆෝම් ගහගෙන ඇඟ පුරාම බැච් එල්ලගත්තු ස්මාර්ට් පොරක් කියල. ඒත් මෙයා මේ වයසක කිසි ගතියක් නැති පොරක්නේ.  අපේ රටේ එවුන් එක්ක මොන වාචාල කථා කිව්වත් මුන්ට එහෙම කියන්න පුළුවනෑ.
 ඒ උනත් මිනිහත් නරකම නෑ කියල හිතුනෙ උගන්ඩා ජනාධිපත් අ‍ාර්්‍යාව අදුන ගත්තට පසුසෙ. යකෝ මුන් අපටත් වඩා දියුනුයිනේ. ආර්්‍යාවත් කැබිනට් එකේ. අයියල, මල්ලිල,පුතාල ,දූල තව කීයක් ඉන්නවද දන්නෑ. 13 අයින් කරල ආර්්‍යාවත් කැබිනට් එකට ගේන ව්‍යවස්ථා ප්‍රථිපාදනයක් ගැන අදහසක් ජනාධිපතිතුමාගෙ ඔලුවට ආව. ඒත් ශිරානිට වඩා ශිරන්ති ලස්සන නැද්ද කියලත් ඒ එක්කම හිතුන. ඒත් මේ වගේ බැරෑරැම් දේවල් මේ වගේ කලබල වෙලාවට වඩා ටොයිලට් එකේ කොමඩ් එක උඩ වාඩි වෙලා කල්පනාකරන්න තමයි ජනාධිපතුතුමා වැඩිය කැමති.ඒක හින්ද උගන්ඩා ජනාධිපත්තුමා අපේ ජනාධිපතිතුමාගෙ විශිෂ්ඨ නායත්වය ගැන, රටේ ලබල තියෙන සංවර්ධනය ගැන ගාන බටර් පාරට ඔලුව වන වනා ආඩම්බර කාර හිනාවක් දැම්ම.
 උගන්ඩා ජනාධිපතිතුමාගෙ ඇඬිල්ල අහගෙන ඉන්නකොට ජනාධිපතිතුමාට තේරැනා මූ ඇවිල්ල තියෙන්නෙත් පුලුවන්නම් කීයක්හරි කඩාගෙන යන්න බව. යකෝ අපි ලෝකෙ වටේ ගිහිල්ල හිඟාකාල තියෙන සේරම දේවල් උගසට තියල කීයක්හරි අරගෙන ඇවිල්ල අමාරැවෙන් එදා වේල ගැටගහගන්නෙ. දීපල්ලකො ඒකත්. 
 හැබෑද ඔය ඉඩි අමින් ජනාධිපතුතුමා මිනී මස් කෑව කියන්නෙ. කොහොමද හොදට රස ඇති නේද? ජනාධිපත්තුමා හීන් නූලෙන්ම කථාවට එන්ටර් උනේ ඉඩි අම්න් උන්නැහේ  ඒ තරම් හැන්ඩ්සම් උනේ කොහොමද කියල දැනගන්න. මමත් හරිම ආසයි එතුමා අර යුනිෆා්ම් ඇදල ඉන්න තේජස් පාටට. හැබෑටම රටේ ජනතාව ආඩම්බර වෙනව ඇති නේද ඒ වගේ ලෝකප්‍රසිද්ධ ජනාධිපත්වරයෙත් ඔබගේ රටේ හිටපු එක ගැන. අපේ රටේ ඒ වගේ උත්තමයෙක් හිටියනම් මේ වෙනකොට උගන්ඩාව අමින්ඩාවක් කරල. මොකද මේ රටේ ඉන්නෙ හරිම දේශප්‍රෙමී ජනතාවක්.හැබැයි ජනාධිපතිතුමා මේ මොනව කිව්වත් උගන්ඩා කාරය ලැජ්ජාවෙ ඇඹරෙනව විතරයි. උත්තරයක්නම් දෙන්නෙ නෑ.
 හැබැයි උගන්ඩා කාරයත් ලෝකෙ කාපු අම්බරැවෙක් බව ජනාධ්පතිතුමාට තේරැනේ මිනිහ අරින්නෙම නැතුව බෑඟිරි ගහන්න ගත්තහම. මොනව කරන්නද කියල ගෙන්න ගත්ත එකානෙ. ගමන් ගාස්තුවත් ගෙවන්න එපායෑ. අනික අතින් පයින් යන එකක්යැ. මුන් එකෙක්වත් ඉදල හිටල ගෙනන ගත්තෙ නැති උනොත් ගන්න ආතල් එකකකුත් නෑ. අන්තිමේ ජනාධිපතිතුමා තීරනය කලා ඇමරිකන් ඩොලර් ලක්ෂ දහයක් උගන්ඩා ජනාධ්පති තුමාට ගෙවන්න. 
 මීඩියා ටීම් එක දෙරට අතර රාජ්‍යයතාන්ත්‍රික සබඳතා තරකරගන්න මෙම හමුවීම විශාල පිටුවහලක් වූ බව කියන්න දුවද්දි, නිකම්ම හොඳ ට්‍රිප් එකක් සෙට් කරල දුන්න එක ගැන ස්තූතියි කියාපු උගන්ඩා ජනාධිපතිතුමා යන්න නැගිටල නිකන් සෝබනේට වගේ ඇහැව්ව ඉතිං අපෙන් ඔබතුමන්ලට කෙරෙන්න ඕන මොනවද කියල. මුන්ගෙන් ඉතිං ඒඩ්ස් ඇර ගන්න වෙන රෙද්දක් තියේද කියල අපේ ජනාධිපතිතුමාට හිතුනත් යකාගෙන් උනත් තමන්ගෙ වැඩේ කරගන්න දස්සය වෙච්ච එතුමා හිමින් කනට කරල පොඩි ඉල්ලීමක් කෙරැව.
 ඉඩි අමින් මැතිතුමා අර හමුදා යුනි‍ෆෝම් එක ඇන්දහම හරි ලස්සනයි. ටිකක් පරන උනත් කමක් නෑ. පුළුවන්නම් ඒ යුනිෆෝම් එකක් හොයල එවන්නකෝ මට ඇඳල බලන්න

Friday, November 9, 2012

අයවැය සමයං


ජනාධිපතිතුමා අයවැය හදන්න පොතකුයි, පෑනකුයි අරගෙන මේසෙ ලඟින් ඉඳගත්ත.


මුලින්ම ජනාධිපති වෙච්ච මම බෙදාගන්න එපායැ කියල හිතාපු ජනාධිපතිතුමා ලොකුම පංගුව තමන්ටම බෙදා ගත්ත. ඊලඟට නැවතිල්ලෙ තවත් ටිකක් කල්පනා කරේ ඇතිවෙයිද කියල ෂුවර් නැතුව. ආර්්‍යාව, දරැවො තුන්දෙනා ගැනත් නොහිත පුළුවනෑ. අත්තෙ ඉන්න එකා කන්න ඕන අත්තෙ තියෙන දෙයක්ම තමයි. මෙහෙම හිතාපු ජනාධිපතිතුමා මදිඋනොත් විසර්ජන පනත් ගේන්න කරදර වෙන්නෙ මොකටද කියල හිතල තමන්ගෙ ගොඩට තව ටිකක් දා ගන්ත.


ඊලඟට ගෝඨ මලය. අපට ආරක්ෂාව දෙන මිනිහනේ. හොඳට කාල බීල ඉන්න එපායැ. මෙහෙම හිතාපු ජනාධිපතිතුමා ඊලඟ පංගුව ගෝඨට බෙදුව.


ඊ ලඟට බැසිල් මලය. මිනිහටනම් කොච්චර දුන්නත් මදි. දිවිය නග්ගගන්න දඟලන දැඟලිල්ලට මිනිහටත් ටිකක් වැඩියෙන් නොදී කොහොමද? ජනාධිපතිතුමා බැසිල් මලයටත් ලොකු පංගුවක් බෙදුව.


ඊලඟට ලොකු අයිය චමල්. අනේ ඉතිං අයියල දාස් ගානක් ඉන්න එකක්යැ. ජනාධිපතිතුමා චමල් අයියටත් පංගුවක් බෙදුව.

 ඊලඟට ඇමැට්ටො ටික. මුන් නම් සත පහකට විස්වාස කරන්න බැරි ජාතිය. ඒත් දෙන දේකින් තමයි මුන් කොන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙන්නෙත්. මෙහෙම හිතාපු ජනාධිපතිතුමා ඊලඟ පංගුව ඇමැට්ටන්ට වෙන් කරා.


ඊ ලඟට මංත්‍රීල. ජනාධිපතිතුමා ටිකක් කල්පනා කරේ ඇමතිකම් නැති මංත්‍රීල තව කී දෙනෙක් ඉන්නවද කියල. කෙහොම උනත් ඊලඟ චන්දෙට මුන් කීයක් හරි හොයාගන්න එපායැ. ඒක හින්ද ජනාධිපතිතුමා ඊලඟ පංගුව මංත්‍රීලට බෙදුව.


තව කවුද ඉන්නෙ. ජනාධිපතිතුමා කල්පනා කරන්න පටන් ගත්ත. වෙන බෙදා දෙන්න ඕන කෙනෙක් ගැන එතුමගෙ ඔලුවට ආවෙම නෑ. 

 මෙන්න මේ වෙලාවෙ තමයි ජයසුන්දර බ්‍රෝකර් උන්නැහේ මෙතනට කඩා පාත් උනේ. 


තමුසෙත් කියවල බලනවකො තව කාටද බෙදල දෙන්න ඕන කියල ජනාධිපතිතුමා අයවැය ජයසුන්දරට දෙන ගමන් කිවව.

 අපි මහජනය ගැනත් හිතන්න ඕන නේද ජනාධිපතිතුමා බ්‍රෝකර්තුමා බජට් එක කියවල ජනාධිපතිතුමා  දිහා හොර බැල්මක් දාල ඇහුව.


ඇයි මම මිනිස්සු ගැන හිතන්නෙ නැහැ කියලද හිතන්නයකෝ මටත් වඩා මහජනයා ගැන හිතන්න මූටත් චන්දෙ ඉල්ලන්න හිතිලද කියල හිතාපු ජනාධිපතිතුමා ටිකක් සැර උනා.


මම එහෙම ගුන මකුවෙක් නෙමේ අයිසෙ. මම සංවේදී නායකයෙක්. මිනිස්සු හින්ද තමයි අපි අද මෙතැන ඉන්නෙ


මම මේ දැනුත් හිත හිතා හිටියෙ මහජනතාව ගැන තමයි


එහෙනම් තමුසෙම ලියාගන්නවකො. යන වියදම්  සේරම මහජනතාවගෙන් අයකරගන්න කියල

ජනාධිපතිතුමා බජට් එක හදල ඉවර කරා.

Tuesday, November 6, 2012

සුරතල් නංගියෙ ශිරානි නැන්දා - නීතිය හොඳ හැටි කර නම්මා


සුරතල් නංගියෙ ශිරානි නැන්දා - නීතිය හොඳ හැටි  කර නම්මා
පොඩි අප රැක ගන්නට හදනා හින්දා - නැන්දට මම වැන්දා

අයියා කීවා මට හරි නෑ - මහිනද මාම වැඩිය හොඳයි
නිතරම අප ගැන සං-වේදී හින්දා - මාමට මම වැන්ඳා

නංගී එය හිතුවොත් වැරදී - එතකොට නංගිට පවු සිදු වෙයි
අප හට නීතිය කඩවෙනු   බල බල - නැන්දා දුක් වින්දා

මාම කැරටුත්  දෙන්නේය - දුන්නම අයියත් කන්නේය
මදිවී තව ඉල්ලන්නෙත් අයියයි - බැන්නෙත් අද අයියයි

කැරට් තියා මොනවා දුන්නත් - මෝඩියෙ කොපමණ උඩ පැන්නත්
නැන්දා මාමට වැඩිය හොඳයි මට - නංගියෙ උඹ බැන්නත්

යුද්දෙ බලන්නට එදා ගොසින් - කොටියන් උතුරේ හිටිය නිසා
කොටියන් මරලා පෙන්නුවෙ අයියේ - මාම නොවෙද මගේ

නංගිගෙ මාම කළුම කළුයි - අපෙ නැන්දා නම් සුදුම සුදුයි
එබැවින් නැන්දා මාමට වැඩියෙන් - සුදු පාටින් ඉහළයි

අයියේ සුදු නම් ලස්සනද - පොල් බෑයත් හරි සුදු නේද
එබැවින් අයියට සැමටම වැඩියෙන් - ලස්සන පොල් බෑයයි

නංගී හොඳ නෑ දඟ කෙල්ල - කොයි දේකටවත් නෑ මෙල්ල
නැන්දා නීතිය කඩා වැටෙන විට - කඳුළු සළා හැඬුවා

ඔය වචනේ අයියේ හරි නෑ - අඬන්න නම් කාටත් බැරියෑ
දවසක් අයියත් දොර ළඟ වැටිලා - හූ කිය කිය ඇඬුවේ

අපි දැන් මෙය බේරා ගනිමු - රනිල් අයියාගෙන් ගොස් අසමු
නැන්දද මාමද හොඳ කියලා - එතකොට රනිල් අයිය කියයි

ඔවු ඔව් මම ඒකට කැමතියි - රනිල් අයිය ලවා බේරා ගනිමු
යමු යමු අයියේ යමු යමු අය්යේ - රනිල් අයියා ලඟටා

රනිල් අය්යේ කරුණක් අසමී -නැන්දද මාමද වැඩිය අගේ
කරුණාවෙන් රනිල් අය්යා අප හට - බේරා දෙනවා දෝ

නැන්ද හොඳයි කීවත් වැරදී - මාම හොඳයි කීවත් වැරදී
එබැවින් නංගියෙ මල්ලියෙ පවසමි - මමමයි හොඳය  කියා