Wednesday, November 14, 2012

ඉඩි අමින්ගේ යුනිෆෝම් එක.


උගන්ඩා ජනාධිපතිතුමාව හම්බවෙන්න අපේ ජනාධිපතිතුමා බලගෙන හිටියෙ ඉවසිල්ලක් නැතුව. ලොක්කෙක් උනාම ඒක දැනෙන්නෙ පොඩ්ඩො ලඟ ඉන්නකොටනේ. ඒත් මෙහේ ඉන්න එවුන් නම් දැන් සේරම පොඩි වෙලා. නැත්නම් පොඩි කරගෙන. දෙකටම නැමිලම තමයි ඉන්නෙ. ඒක නිසා ජනාධිපතිතුමාටත් දැන් මෙහේ ඉන්න එවුන් ලඟදි කිසි ගතියක් දැනෙන්නෙ නෑ. දැන් ජනාධිපත්තුමාගෙ ට්‍රයි එක පිටරට එවුන් දෙකට නමා ගන්න.
 ඒත් ඉතිං ඇමරිකන් කාරයො එංගලන්ත කාරයො දෙකට නමා ගන්නයැ. අඩුම ගානෙ ඉන්දියන් කාරයොවත් දෙකට නැමෙන්නෙ නෑ. මාල දිවයින් කාරයෙක්වත් උනත් දෙකට නමා ගන්න එක ලේසි නෑ. ඒක හින්ද ඔය ස්වාසිලන්තෙ, උගන්ඩාව වගේ නන්නත්තාර වෙච්ච රටවල කෙනෙක් දෙන්නෙක් ඉඳල හිටල ගෙන්නවල විනෝද වෙන්න ජනාධිපතිතුමා හරි කැමතියි. ටිකක් කලු උනත් මොකද?
 උගන්ඩා කාරය දැකපු ගමන් මුලින්ම ජනාධිපති තුමාට හිතුනෙ මේ මොන නාකි පඟර නැටිටෙක්ද කියල. එතුමා හිතන් හිටියෙ අර ඉඩි අමින් වගේ හතර රියන්, ෆුල් යුනිෆෝම් ගහගෙන ඇඟ පුරාම බැච් එල්ලගත්තු ස්මාර්ට් පොරක් කියල. ඒත් මෙයා මේ වයසක කිසි ගතියක් නැති පොරක්නේ.  අපේ රටේ එවුන් එක්ක මොන වාචාල කථා කිව්වත් මුන්ට එහෙම කියන්න පුළුවනෑ.
 ඒ උනත් මිනිහත් නරකම නෑ කියල හිතුනෙ උගන්ඩා ජනාධිපත් අ‍ාර්්‍යාව අදුන ගත්තට පසුසෙ. යකෝ මුන් අපටත් වඩා දියුනුයිනේ. ආර්්‍යාවත් කැබිනට් එකේ. අයියල, මල්ලිල,පුතාල ,දූල තව කීයක් ඉන්නවද දන්නෑ. 13 අයින් කරල ආර්්‍යාවත් කැබිනට් එකට ගේන ව්‍යවස්ථා ප්‍රථිපාදනයක් ගැන අදහසක් ජනාධිපතිතුමාගෙ ඔලුවට ආව. ඒත් ශිරානිට වඩා ශිරන්ති ලස්සන නැද්ද කියලත් ඒ එක්කම හිතුන. ඒත් මේ වගේ බැරෑරැම් දේවල් මේ වගේ කලබල වෙලාවට වඩා ටොයිලට් එකේ කොමඩ් එක උඩ වාඩි වෙලා කල්පනාකරන්න තමයි ජනාධිපතුතුමා වැඩිය කැමති.ඒක හින්ද උගන්ඩා ජනාධිපත්තුමා අපේ ජනාධිපතිතුමාගෙ විශිෂ්ඨ නායත්වය ගැන, රටේ ලබල තියෙන සංවර්ධනය ගැන ගාන බටර් පාරට ඔලුව වන වනා ආඩම්බර කාර හිනාවක් දැම්ම.
 උගන්ඩා ජනාධිපතිතුමාගෙ ඇඬිල්ල අහගෙන ඉන්නකොට ජනාධිපතිතුමාට තේරැනා මූ ඇවිල්ල තියෙන්නෙත් පුලුවන්නම් කීයක්හරි කඩාගෙන යන්න බව. යකෝ අපි ලෝකෙ වටේ ගිහිල්ල හිඟාකාල තියෙන සේරම දේවල් උගසට තියල කීයක්හරි අරගෙන ඇවිල්ල අමාරැවෙන් එදා වේල ගැටගහගන්නෙ. දීපල්ලකො ඒකත්. 
 හැබෑද ඔය ඉඩි අමින් ජනාධිපතුතුමා මිනී මස් කෑව කියන්නෙ. කොහොමද හොදට රස ඇති නේද? ජනාධිපත්තුමා හීන් නූලෙන්ම කථාවට එන්ටර් උනේ ඉඩි අම්න් උන්නැහේ  ඒ තරම් හැන්ඩ්සම් උනේ කොහොමද කියල දැනගන්න. මමත් හරිම ආසයි එතුමා අර යුනිෆා්ම් ඇදල ඉන්න තේජස් පාටට. හැබෑටම රටේ ජනතාව ආඩම්බර වෙනව ඇති නේද ඒ වගේ ලෝකප්‍රසිද්ධ ජනාධිපත්වරයෙත් ඔබගේ රටේ හිටපු එක ගැන. අපේ රටේ ඒ වගේ උත්තමයෙක් හිටියනම් මේ වෙනකොට උගන්ඩාව අමින්ඩාවක් කරල. මොකද මේ රටේ ඉන්නෙ හරිම දේශප්‍රෙමී ජනතාවක්.හැබැයි ජනාධිපතිතුමා මේ මොනව කිව්වත් උගන්ඩා කාරය ලැජ්ජාවෙ ඇඹරෙනව විතරයි. උත්තරයක්නම් දෙන්නෙ නෑ.
 හැබැයි උගන්ඩා කාරයත් ලෝකෙ කාපු අම්බරැවෙක් බව ජනාධ්පතිතුමාට තේරැනේ මිනිහ අරින්නෙම නැතුව බෑඟිරි ගහන්න ගත්තහම. මොනව කරන්නද කියල ගෙන්න ගත්ත එකානෙ. ගමන් ගාස්තුවත් ගෙවන්න එපායෑ. අනික අතින් පයින් යන එකක්යැ. මුන් එකෙක්වත් ඉදල හිටල ගෙනන ගත්තෙ නැති උනොත් ගන්න ආතල් එකකකුත් නෑ. අන්තිමේ ජනාධිපතිතුමා තීරනය කලා ඇමරිකන් ඩොලර් ලක්ෂ දහයක් උගන්ඩා ජනාධ්පති තුමාට ගෙවන්න. 
 මීඩියා ටීම් එක දෙරට අතර රාජ්‍යයතාන්ත්‍රික සබඳතා තරකරගන්න මෙම හමුවීම විශාල පිටුවහලක් වූ බව කියන්න දුවද්දි, නිකම්ම හොඳ ට්‍රිප් එකක් සෙට් කරල දුන්න එක ගැන ස්තූතියි කියාපු උගන්ඩා ජනාධිපතිතුමා යන්න නැගිටල නිකන් සෝබනේට වගේ ඇහැව්ව ඉතිං අපෙන් ඔබතුමන්ලට කෙරෙන්න ඕන මොනවද කියල. මුන්ගෙන් ඉතිං ඒඩ්ස් ඇර ගන්න වෙන රෙද්දක් තියේද කියල අපේ ජනාධිපතිතුමාට හිතුනත් යකාගෙන් උනත් තමන්ගෙ වැඩේ කරගන්න දස්සය වෙච්ච එතුමා හිමින් කනට කරල පොඩි ඉල්ලීමක් කෙරැව.
 ඉඩි අමින් මැතිතුමා අර හමුදා යුනි‍ෆෝම් එක ඇන්දහම හරි ලස්සනයි. ටිකක් පරන උනත් කමක් නෑ. පුළුවන්නම් ඒ යුනිෆෝම් එකක් හොයල එවන්නකෝ මට ඇඳල බලන්න

5 comments:

  1. මාරයිනේ..
    අමින් වෙස් ගත් මහින්..

    ReplyDelete
  2. ඕක වෙලා තියෙන්නෙ එහෙම නෙමෙයිලු, ඔය් සයිබර් ලංකා වගේ මූසල බ්ලොග් ලියන නොසන්ඩාල උන් කියනවනේ මෙහේ ඉන්නෙ ඉඩි අමීන් කෙනෙක් කියලා. ඉතින් අරු ඇවිත් තියෙන්නේ ඉඩී අමින් බලල යන්න. ඌ ෆුල් ඩිසපොයින්ට් ලූ අපේ එක්කෙනා එහේ ගෑණු අය අඳින එකක් ඇඳගෙන ඉන්නවා දැකලා.

    මේ ඒක නෙමෙයි. මම අපේ ගෙදර මාළු ගේන එකාගේ තොප්පියට ගානක් කතා කරලා තියෙන්නේ. ඒක ගන්න අරමුදලක් පිහිටුවා. උඹටත් පුළුවන් නම් දය්යක් වෙයන්කෝ. අරූට තෑග්ගක් හැටියට දීලා යවන්න. ලොක්කා ගාවවත් නැද්ද දන්නෙ නෑ ඔය නිර්මාල්ලට එහෙම දාලා ඉතුරුවුන තොප්පියක් අරූට දීලා යවන්න. පව් බන්...

    ReplyDelete
    Replies
    1. හික් හික්. ලොක්කට සෙට් වෙන්නෙ මාරම ඩයල් තමයි.

      Delete
  3. A very humorous story.Thank you.

    ReplyDelete
  4. ජාතික ඇඳුමට යටින් ඒක ඇඳලා ඉන්නේ

    ReplyDelete