Thursday, October 25, 2012

මහින්දයි රනිලුයි හෙලුවෙන් නාපු හැටි



ජෝන් කොතලාවලයි බංඩාරනායකයි හෙලුවෙන් නාන්න ගිහින් අනාගත්තු හැටි ගැන හුඟදෙනෙක් අහල ඇතිනෙ. ඒත් නොදන්න අයත් ඉන්න පුලුවන් නිසා ඒක මතක්කරල දීලම අලුත් වර්ෂන් එක කියන්නන්.

ජෝනුයි බංඩයි ඔය කොහේදෝ කරක් ගහන අතරෙ පොකුනක හොඳ ලස්සනට වතුර පිරිල තියෙනව දැකල හිතුලු නාගන්න. ඒත් දෙන්නටම නාන ඇඳුම් තිබිල නෑ. වටා පිටාවෙ පේන්න කවුරැවත් හිටියෙත් නැති එකේ මොන ඇඳුම්ද කියල හිතල දෙන්නම ඇඳුම් ටික ගලවල දාල බැස්සලු පොකුනට.

දැන් දෙන්න හොඳට නාකියා ගෙන කාරිය ගොඩට ආව කියමුකො. ඒත් ඇදුම් අඳින්න පුලුවනෑ මේ තෙත පිටින්. දෙන්නම අව්වට වෙලා ඉන්නව ඇඟපත වේලෙනතුරැ. මෙන්න මේ වෙලාවෙ තමයි සන්තෑසිය වෙන්නෙ. එකපාරටම බවලැතියො ටිකක් මෙතනට කඩා පාත් වෙනව.

ජොන් ටක් ගාල අත් දෙකෙන් තමන්ගෙ උපාංග ටික වහගන්නව.

බංඩ කරන්නෙ තමන්ගෙ අත් දෙකෙන් මූන වහ ගත්තු එක.

දැන් මේ දේන්න දැකපු බවලැතියො ටික කොහොම පැනල දිව්ව  කියල අපි හිතමුකො. ජෝන්ට කැපිල්ලක් දාන්න හොඳ වෙලාව කියල හිතුන  බංඩ බොහෝම ආඩම්බරෙන් ජෝන්ට කියනවලු

ජෝන් ඔය උපාංග  හැම පිරිමියටම තියෙන්නෙ එකම ජාතිය තමා. ඒ උනාට ඒක කාගෙද කියල අදුන ගන්නෙ මූනෙන්



ඔන්න ඕකයි පරන කථාව. මෙන්න අලුත් කථාව.



මහින්දයි රනිලුයි සෙට් වෙච්ච වෙලාවක අරවගේම ලස්සනට වතුර පිරිල තිබ්බ ස්විමිං පූල් එකක් දැකල දෙන්නටම නාගන්න හිතිල.

රනිල් කොට කලිසමක් කාරීය ඇඳගෙන පූල් එකට බහින්නලු ලෑස්තිය.

ඔය ඇඳුම් ඇදගෙන නාගන්න එකේ කිසි ජොලියක් නෑ. ඔන්න ඕක ගලවල දාල බහිනව අයිසෙ මහින්ද ඇදුම් සේරම ගලවල ‍  පුල් එක ලඟට ඇවිල්ල රනිල්ට කියනවලු.

පිස්සුද, කවුරැවත් දැක්කොත් ඉඳල ඉවරයි රනිල් කලිසම පිටින්ම පූල් එකට බැස්සලු.

බය ගුල්ලකියල රනිල්ට කෝචොක් එකක් දාගෙනම මහින්දත් සිවිල් පිටම පුල් එකට බැස්සලු.

කොහොම උනත් මේ කථාවෙත් සීන් එක වෙන්නෙ දෙන්න ‍නාගෙන ගොඩට ඇවිත් ඇඟවේලෙනකන් ඉන්න අතර තමා. මිනිස්සු රොත්තක් එනව මුලින්ම දැක්කෙ රනිල්.

මොකක් හරි ඇඳගන්නව.අර  මිනිස්සු ඕක දැක්කොත් බඩ කපාගන්න තමයි වෙන්නෙ රනිල් මහින්දගෙ කනට කරල කිව්වෙ අතින් මිනිස්සුන්ව පෙන්නන ගමන්.

මම ඔය කවුරැවත් දකිවි කියල මගේ ඒව වහගන්න මිනිහෙක් නෙවේ රනිල්කලබල නැතුව කියපු මහින්ද

බලනවකෝ වෙන්නෙ මොකක්ද කියල ඔලුවෙන් රනිල්ට මිනිස්සු හිටිය පැත්ත පෙන්නුවලු.

එක පාරටම කොහෙන්දෝ පාත් වෙච්ච කීපදෙනෙක් අර  ආපු මිනිස්සු‍න්ගෙ ඇස් වහන්න පටන් ගත්ත.

එදා ජෝන් කොතලාවල කලේ හෙලුව අතින් වහගන්න හදන එක. බංඩාරනායක අතින් මූන වහගෙන හැංගෙන්නයි බැලුවෙ. ඒ උනාට මම කරන්නෙ මිනිස්සුනගෙ ඇස් වහන එකමහින්ද රනිල්ට තමන්ගෙ වැඩ  ගැන පැහැදිලි කලා. 

එතකොට කවුද මහින්ද ඒ කට්ටිය තවමත් මොකද වෙන්නෙ කියල හිතාගන්වත් බැරැව හිටපු රනිල් ඇහුව.

ආ ඒ මහින්ද  අබේසුන්දරල, හඩ්සන් සමරසිංහල,කරැනාදාස සූරිආරච්චිල කටිටියනේ

ඕකුන් ඉන්නකං මට හෙලුවෙන් උනත් මහපාරෙ යන්න පුළුවන්මහින්ද කිව්වෙ බොහෝම සැහැල්ලුවෙන්.

27 comments:

  1. හික් හික්.... පට්ට....!

    ReplyDelete
    Replies
    1. උඹ හිනාවෙයන්.අපට ඇ‍ෙඞනව.

      Delete
  2. එලකිරි.. ලොක්ක මිනිස්සුන්ගෙ ඇස් විතරක් නෙමේ කන්,කටවල්,මොල,අතපය ඔක්කොම වහලනෙ..

    ReplyDelete
  3. පට්ටයි මචෝ.. උපහාසය.. උත්ප්‍රාසය කියන්නේ මේවටයි.. සුපිරි...

    ReplyDelete
  4. පිස්සුද බන්, උන් ටික ඉන්න ඔනෙත් නෑ,
    මෝඩයොන්ට කොහෙද ඕක පෙනෙන්නේ

    ReplyDelete
  5. නියමයි මචෝ. මහින්ද මාමි හෙලුවෙන් ඉන්න එක බලනව වගේ නෙවේ බන්, අබේල හඩ්ඩලත් හෙලුවෙන්නෙ නටන්නේ. ඒක බලනකොටා නම් 'ඊක්කා' කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. නැන්දිල නන් තව කමක් නෑ

      Delete
  6. වැඩේ තියෙන්නෙ මහින්ද අබේසුන්දරල කිව්වොත් බොසා ඉන්නෙ රෙදි ඇඳගෙන කියල ඒක පිලිගන්න 'ප්‍රේක්ෂකයන්' ටිකක් තමයි ඔතන ඉන්නෙ.

    සුපිරි ලියමනක්!

    ReplyDelete
  7. මැක්සා කතාව. ඇදෙනවා ඉල ඇට

    ReplyDelete
  8. කියන්ඩ වදන් නෑ , එළම එළ

    ReplyDelete
  9. හි හි... දෙන එක දෙනවා බොක්කටම..

    ReplyDelete
  10. පට්ට බ්ලොග් එකක්නෙ බං මේක .. උපහාසය තියනවා ලෙසටම...

    කෝ බං හසන්ත මහත්තයා.. සූරියප්පෙරුම උන්නැහේ.. ජැක් සන් අය්යා.. උන් ටිකගෙ නම් නෑනේ,, උන් කරන්නෙත් මහින්දගේ හෙළුව වහන එක තමා

    ReplyDelete