Monday, October 1, 2012

ඇදුරැ වර්ජනය විදෙස් කුමන්ත්‍රනයක් බව හෙලි වූ හැටි



විශ්ව විද්‍යාල ආචාර්ය්‍යවරැන්ගෙ වැඩ වර්ජනය රජය පෙරලන්න කරන විදේශ කුමන්ත්‍රනයක් අපේ ගෙදරට කඩා වැදුනු මිත්‍රයෙකු කියා සිටියේ අහස කඩා වැටේයැයි බියවූ හාවා මෙනි.

ඇයි විමල් වීරවංශ ඇමතිතුමා එහෙම කියල තියෙනවද ඔහු දරැනු ගනයේ රාජපාක්ෂිකයෙකු බව දැන සිටි මම විමසුවෙමි.

ඒක නේන්නන් අපටත් පුදුම. මේ විදේශ කුමන්ත්‍රන කාරයෝ කොයි තරම් සූක්ෂමද කියනවනම් විමල් වීරවංශ ඇමතිතුමාටවත් නොතේරෙන්න නෙවැ මේක කරල තියෙන්නෙ

දැන් එතකොට ඔයා කොහොමද දැන ගත්තෙ ඕක රජය පෙරලන්න කරන විදේශ කුමන්ත්‍රනයක් කියල

ඇයි දිනමිණේ මහින්ද අබේසුන්දරට වැඩේ අහුවෙලා තිබුනෙ

මමනම් කලින්ම ඕක දැනගෙන හිටිය මම ජයග්‍රහී ලෙස කියා සිටියෙමි.

මේක විදෙස් කුමන්ත්‍රනයක් තියල ඔහේ දැනගෙන හිටිය මිත්‍රයා ඇසුවේ පුදුමයෙනි.

ඔහේට මතකද මීට ඉස්සරවෙලා ඔය කට්ටිය වර්ජනය කරපු වෙලාවෙ සේරම දේවල් දෙන්නම් ප්‍රශ්න විසඳන්නම් , පඩිය ලක්ෂ තුනක් කරනව කියල කට්ටියට වැඩට යන්න කිව්වහම හ්ම් නොකිය වැඩට ගියා

ඒ ගිහිල්ල අවුරැද්දක්වත් ඉවසන්නෙ නැතුව අපහු වර්ජනයක් පටන් ගත්ත

සුදු වෑන් ගෙවල් වටේ යවල බැලුව. ඒත් වර්ජනේ නැවැත්තුවෙ නෑ

ඒ පාර බජට් එකෙන් වැඩි කරන්නම් වැඩට යන්න කිව්ව. ඇහුවෙ නෑ

කොමිසමක් දාමු වැඩට යන්න කිව්ව. බෑ කිව්ව

වැඩ කරන අතරෙ සාකච්ඡා කරමු කීව. ඇහුවද

පඩි දෙන්නෙ නෑ කිව්ව. ඒත් වර්ජනේ නැවැත්තුවෙ නෑ

ප්‍රශ්න පත්තර බලනවට දෙන ගාන වැඩි කලා. ඒත් ඇහුවෙ නෑ

බැසිල්,ජයසුන්දර ලඟට යැව්ව

එස්.බී, මර්වින් ලව්ව බලු බැනුම් බැන්නෙව්ව

මේ මොනව කරත් මේ යක්කු වර්ජනේ නැවැත්තුවෙ නෑ විතරක් නෙවේ පා ගමන්, රැස්වීම් හිට කරන්න ගත්තනේ

ඉතිං මේවයින් ඔහේ කොහොමද දැන ගත්තෙ මේක විදේශ කුමන්ත්‍රනයක් කියල

නෑ ඉතිං මේච්චර දේවල් කරද්දිත් මේ වගේ රජයකට විරැද්ධව වැඩකරන්න මේ රටේ මිනිස්සුන්ටනම් හයියක් තියෙන්න නම් ඒක පිටිපස්සෙ විදේශ කුමන්ත්‍රනයක් නැතිවෙන්න විදියක් නෑනේ


1 comments:

  1. දැන් වීරවංශ ඇමතිත් කියලා තියෙන්නේ මේක විදෙස් කුමන්ත්‍රනයක් කියලා. ආයේ හෝදන්න දෙයක් නැහැ, එතුමා කිව්වානම් වරදින්න විදියක් නැහැ. අනිවා මේක විදේශ කුමන්ත්‍රනයක්.

    බොරු නම් ඕන් බලා ගන්නකෝ එතුමා මේ දවස් වල ලෙමන්පෆ් එකතු කරනවා , මේ කුමන්ත්‍රනේට විරුද්දව උපවාසයක් කරන්න.

    ReplyDelete