රැකියාව අතහැර දමා අප්ප කඩයක් දමා
ගැනීම හොඳයැයි මට සිතී ඇත්තේ වරක් දෙවරක් නොවේ. ඉවසීම නැතිවූ මොහොතක මම මේ පිලිබඳව
මිතුරෙකු හා පැවසීමි.
“ආප්ප කඩයක් දාන්න උනත් දැනගෙන ඉන්න
ඕන. උඹ මොනවද ආප්ප හැදීම ගැනයි, වෙළදාම ගැනයි දන්නෙ”
ප්‍රමිතිය, පාරිභෝගික ආඥා පනත ආදී ඔහු
පැවසූ බරපතල වචන ඇසූ මම නොදන්න දේ කිරීමට ගොස් වරිගය නසා නොගන්නට තීරනය කලෙමි.
***********************************************
දින කීපයකම රෑපවාහිනියේ විකාශනය වූ ටෙලිනාට්‍යය දුටු මට,මා වැනි නිකමෙකුට වුවද, නොදැන කල හැකි ඉතාම ලාභදායක ව්‍යාපාරය ටෙලිනාට්‍යය නිෂ්පාදනය බව පෙනී ගියේය. මම වහා මේ ගැන මවිපියන්ට පැවසුවෙමි.
දින කීපයකම රෑපවාහිනියේ විකාශනය වූ ටෙලිනාට්‍යය දුටු මට,මා වැනි නිකමෙකුට වුවද, නොදැන කල හැකි ඉතාම ලාභදායක ව්‍යාපාරය ටෙලිනාට්‍යය නිෂ්පාදනය බව පෙනී ගියේය. මම වහා මේ ගැන මවිපියන්ට පැවසුවෙමි.
“වැදගත් මිනිහෙක් කරන වැඩක්ද උඹ ඔය
කරන්න හදන්නෙ. උඹ මේ වගේ අපරාධකරයෙක් වෙන බව දන්නවනම් පොඩි කාලෙම කානුවකට විසිකරල
දානව” පියා මහ හඬින් මට බැන වදින්නට විය.
“මේ නාකි අපට සැනසීමෙ මැරෙන්නවත් ඉඩ දීපන්.
ඔය වගේ වැඩ කරන එවුන්ගෙ අම්ම අප්පටයි මිනිස්සු දොස් කියන්නෙ” මව හඬා වැටෙමින් කීවේය.
මෙම විරෝධය නිසා මා විසින් ලියාගෙන යන මෙම ටෙලි නාට්‍යය නිෂ්පාදනය කිරීමට තව වසර කීපයක් ගතවිය හැකිය. මෙහි අඩුපාඩු සහ ගුන දොස් දැන ගැනීමට මෙහි පල කරන්නෙමි.
**********************************************
තවම මෙම ටෙලියට තවම නමක් යොදා නැත
1 දර්ශනය
උදෑසන / නිවසක ඇතුලත (නිෂ්පාදකවරයාගේ නිවස මේ සඳහා වඩා සුදුසුය)
චරිත
මව- ඒ වනවිට පාර්ලිමේන්තුවේ සිටින නිලියන් (ටෙලි කම්කරැ නායිකාවන්) සියගානක් අතරින් ජනාධිපතිතුමාට සමීපම කෙනෙකු තෝරා ගත යුතුය
පියා- ඉහත මවගේ චරිතයට තෝරා ගත් නිලියගේ ඉතාම සමීපතමයා මේ සදහා සුදුසුය
ළමයා- ටෙලිය නිෂ්පාදනය කරන අයගේ පුතා මේ සඳහා සුදුසුය(මෙම තෝරා ගන්නා අයට කථා කිරීමට,සිනාසීමට,හැඬීමට සහ ඇවිදීමට පුලුවන් විය යුතුයි.)

දර්ශනය
මව තම පුතු පාසල් යැවීමට සූදානම්
කරවයි. හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිටින දරැවාට මව බූට් සපත්තු පලඳවයි.
පියා හමුදා කැප් තොප්පියක් රැගෙන දරැවා අසලට පැමිනේ.
පියා-පුතා මේ කැප් එකත් දා ගන්නකො.
මව- ඉන්නකො මම පුතාගෙ කෑම එකත් අරගෙන එන්න.(ඇය ගොස් කෑම පාර්සලයක් රැගෙන විත් දරැවාගේ පාසල් බෑගයට දමයි.)
මව- කෝ මේ ලමය පොත් ටිකවත් බෑග් එකට දාගෙන නෑනේ.(පොත් ටික රැගෙන බෑගයට ඔබයි)
පියා-හ්ම් යන් යන් මට පරක්කු වෙනව
ළමයා- යන්නන් අම්මෙ.(ළමයා හමුදා අචාරයක් දමා පසුව මව සිපගනී
යන් තාත්තෙ( ඔහු පියා පසුපස දොර දෙසට යයි)
ළමයා- ආ.. තාත්තෙ තුවක්කුව ගන්න බැරි උනානෙ
පියා- හරි හරි අද ඕක ඕන නෑ.
ළමයා- (ඔහු තම පොත් බෑගය ගෙන අවුස්සා බලා පිස්තෝලයක් අතට ගෙන බලා නැවත බෑගයට ඔබා ගනී)
හරි.. හරි.. පිස්ටල් එක තියෙනවනේ.
(පියා හා පුතා නිවසෙන් පිටවෙයි.)

2 දර්ශනය
දිවා/ඇතුලත/පාසලක පංතිකාමරයක්
චරිත
ගුරැවරයා- මේ සඳහා ජැක්සන් ඇන්තනි සුදුසුය. ඔහු ජීවතුන් අතර නොසිටීනම් පමනක් වෙනකකු මේ සදහා යොදා ගත යුතුයි
ළමයින් තිහක් හෝ හතලිහක්( මේ සඳහා රෑපවාහිනී නාලිකා සමග ගිවිසුම් ඇතිකර ගත් ලමයින් යොදා ගැනීමෙන් පිරිවැය අවම කර ගත හැක)

ගුරැවරයා සහ ලමයින් සියලු දෙනා සම්පූර්න හමුදා නිළ ඇදුම්න් සැරසී සිටී. ගුරැවරයා පංති කාමරයට ඇතුලුවේ.
ළමුන්- (පාදයක් බිම ගසා අත ඉහලට ඔසවා හමුදා ආචාරය පවත්වමින්)
සුභ උදැසනක් සර්
ගුරැවරයා- සුභ උදැසනක් ළමා සොල්දාදුවනේ
( ගුරැවරයාද ලමුන්ට ආචාර කරයි)
ගුරැවරයා- අද තියෙන්නෙ දෙවරක් චක්කරේ ඉගෙන ගන්න එක. හොඳයි ලියා ගන්න.දෙවරක් දෙක හතරයි.දෙවරක් තුන හයයි. දෙවරක් හතර අටයි,,,,,,,,,,,,,,,,,,,,,,,
( ගුරැවරයා කියවන අතර ලමුන් මෙය සටහන් කර ගනියි)

එක් ලමයෙක් මේ කිසිවක් නොතේරෙන බව
අඟවමින් ගුරැවරයා දෙස බලා අතක් ඉහලට ඔසවයි.
ගුරැවරයා- ඔවු මොකද
ළමයා- දෙකයි දෙකයි හතර වෙන්නෙ කොහොමද? (සිට ගනිමින්)
ගුරැවරයා- හොඳ සොල්දාදුවෙක් කිසි වෙලාවක ‘කොහොද,මොකද’ කියල අහන්නෙ නෑ. කියන දේ අහන එකයි, අහන දේ කරන එකයි විතරයි සොල්දාදුවගෙ ඩියුටිය.
(ගුරැවරයා රවා බලා දැඩි හඬින් කෑ ගසයි)
හ්ම් දැන් ගිහින් ගහනව ඩිප්ස් සීයක්.

ප/ලි
දැනට ලියා ඇත්තේ මෙපමනකි. තව අවුරැදු
පහකින් පමන ඔබට මේ ටෙලි නාට්‍යය ඉතිරි කොටස් ද සමග දැකිය හැකිවනු ඇත.
ටික දවසකින් මේක ටෙලි කතාවක් නොව යථාර්තයක් වෙන්නටත් බැරි නැත.
ReplyDeleteදැනටත් ස්ක්‍රිප්ට් එකෙන් එහාට ගිහින් තියෙන්නෙ
Deleteමම නම් මේ වැඩේ ගැන ආඩම්බරයි. අපේ ගෙදරත් චයිල්ඩ් සෝල්ජර් කෙනෙක් ඉන්නවා.. සමහර වෙලාවට බීබීසී සී ඇන් ඇන් වගේ ඒවලින් අපේ ගෙදරත් එන්න ඉඩ තියෙනව ඩොකියුමන්ට්‍රියක් කරන්න වගේ..
ReplyDeleteආඩම්බරකාර තාත්තල
Deleteමුන්ට පිස්සු.වෙන දෙයක් බලන් ඉන්න තමයි තියෙන්නෙ.
ReplyDeleteඑහෙම ඉන්න බැරි එක නේන්නන් අපිට වෙලා තියෙන හෙනේ
Deleteapo ethakota me pitapath hariyanne ne. Minissunta balala balala epa una ewa ayemath pennala gutikannai wenne.
ReplyDeleteඅපි හැමදාම බලන්නෙඑකම පිටපත තමා
Deleteදවස් දහයකින් කොලොනල්ලා හදන්න පුලුවන්නම් මේ ලෝකේ යුද්ද ඇතිවෙන්න බැහැ.බොරු වැඩ පබයෝ හදනවා.අපරාදෙ මිනිස්සුන්ගෙ සල්ලි.
ReplyDelete