Saturday, October 13, 2012

ජාතියෙන් ඉවත්වෙන්න ක්‍රමයක් දන්නවාද?


මට පොඩි උදව්වක් කරපං මචං ආගිය කථා විමසීමෙන් පසු ඔහු මගෙන් ඉල්ලා සිටියේ වට පිට විමසිල්ලෙන් බලා හඬ මදක් බාල කර ගනිමිනි.

මොකක්ද බං. පුළුවන් දෙයක්නම් උඹ වගේ කෙනෙකුට  නොකර ඉන්නෙ නැති බව දන්නවනේ

අපේ ගමේම ,පිලිගත් පවුලක අයකු වූ ඔහු ගැන මම කුඩාකල සිටම දැනසිටියෙමි. හොඳින් ඉගෙනගෙන යහපත් රැකියාවක නිරත වූ ඔහු තවමත් අවිවාහක වුවද ගමේ රටේ ආගමික සමාජීය ඕනෑම පොදු කටයුත්තකදීද පෙරමුන ගත්තෙකි. ඍජුව දේශපාලන පක්ෂයක් හා සම්බන්ඳ නොවූවද දේශපාලනය හා රට ගැන ඉතා උනන්දුවකින් කටයුතු කලේය. උතුරේ පැවති යුද්ධය පිලිබඳ කම්පාවට පත්ව හමුදාවට බැඳීමට පවා සූදානම් වූවත් එය වැලකී ගියේ පවුලේ එකම දරැවා වූ ඔහුගේ දෙමාපියන්ගේ බලවත් පෙරැත්ත කිරීම නිසාමය.

මම ආගමෙන් අයින් උනා මචං

ආගමෙන් අයින් උනා. ඒ මොකද බං ඒ. උඹ පොඩි කාලෙ ඉඳලම උදේ හවස පන්සලේම හිටිය මිනිහනේමම පුදුමයෙන් ඇසුවේ මොහුට මේ සිදුව ඇති විපර්‍යාසය කුමක්දැසි සිතාගත නොහැකිවය.

ධර්මය තියෙන්නෙ පොත්වලයි, වචනවලයි විතරයි කියලනම් මම කලින් ඉඳලම දැනගෙන හිටිය ඔහු කලකිරීමෙන් පැවසීය.

ඒත් දැන් වෙන වැඩවලට කොහොමද බං බෞද්ධයෙක් කියල ලැජ්ජ නැතුව කියන්නෙ

හරි ඉතිං මිනිහෙකුට ආගමක්නං නැතුවට කමක් නැහැ තමයි

එතකොට මොකක්ද උඹට මගෙන් උදව්වක් ඕන කිව්වෙ මම ඇසුවේ එවැනි බරපතල කථාවලින් ඇඟ රිද්දා ගැනීමට ඇති අකමැත්තෙනි.

ජාතියෙන් අයින්වෙන්න ක්‍රමයක් එහෙම උඹ දන්නවනම් කියාපංකො?



ප/ලි

යාලුව විතරක් නෙවේ මමත් ඒකට උත්තරයක් දන්නෙ නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.

4 comments:

  1. සුළු දෙයක් උප්පැන්නෙන්නම් අයින් කරන්න බෑ. මනුස්සයෙක් කියලා හිතන්න එච්චරයි. එතකොට විශ්වීය සත්වයකු පමණයි..

    ReplyDelete
  2. Mathalan hari...Meka cyber vihilu category ekata dapu ekata nam mama kemathi nehe.

    ReplyDelete
  3. මෙහෙ නං ඕක සිම්පල්.
    දෙමෙල්ලුත් මිනිස්සුය කියලා බුකියෙ ස්ටේට්ස් එකක් දාන එක විතරයි. පහුවදා ඉඳං අවජාතිකයා වෙනවා :)

    ReplyDelete
  4. මානිගේ තීරුව වගේ. මරු!

    ReplyDelete