Sunday, October 28, 2012

විමල්ගෙ තුනයි දහතුනයි


 
දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය කියන යකා එලවන්න විමල් ඇමතිතුමා මහ තොයිලයක් නටනව නෙවැ මේ දවස්වල. මේ ගැන අපේ පත්තර මිත්‍රයෙක් පොඩි ඉන්ටර්වීව් එකක් කරන්න ඇමතිතුමාගෙ ගෙදරට ගිහිල්ල. ඒත් ඒ වෙලාවෙ ඇමතිතුමා එලියට ගිහින්. ඉතිං අපේ මිත්‍රයත් ඇමතිතුමා එනකන් ආර්‍යාව එක්ක පොඩි කදයක් දාගෙන ඉඳල.
මුලින් තියෙන්නෙ ඇමතිතුමා එකක් කරපු සාකච්ඡාව. දෙවනුව ආර්්‍යාව එක්ක දාපු කදේ.
ආ.. තව දෙයක්. ඔය පත්තර කාරයො යම් යම් දේවල් ලියාගන්න කොට පහසුවට වචන එහෙම කෙටි කරල ලියාගන්නවනේ. මෙයත් නිතර නිතර දහතුන ලියාගන්න එක කරදරයි කියල ..තුන කියල විතරයි ලියල තිබුනෙ. මාත් මේකෙ එහෙමම දානව. ඔයාල කියවනකොට ..තුන කියල තිබුනොත් ඒක දහතුන  කියල හිතාගෙන කියවන්න. නැත්කම් වෙන වෙන දේවල් හිතෙන්න පුළුවන.

විමල් ඇමතිතුමා හා කල සාකච්චාව
මම- ඇමතිතුමාට මොකද මේ හදිස්සියෙම ..තුන එපාඋනේ.
ඇමතිතුමා- අපෝ ඔය ..තුන කියන්නෙ  මහ භයානක දෙයක්.
මම- මොකක්ද ඔය ..තුනේ තියෙන භයානක කම
ඇමතිතුමා-ඕක ඉන්දියාව බලෙන් අපේ ඇ‍ඟේ එල්ලපු එකක්නේ.
මම-කවුරැ බලෙන් එල්ලුවත් ඒකෙන් අපට ප්‍රයෝජනයක් තියෙනවනම් ප්‍රශ්නයක් නෑනේ?
ඇමතිතුමා-කාටවත් ප්‍රයෝජන තිබිල වැඩක් නෑනේ. ප්‍රයෝජනයක් තියෙන්න ඕන අපට.
මම-මේකනේ ඇමතිතුමා,දැන්මේක ගෙනාවෙ සුළු ජාතීන්ගෙ ප්‍රශ්න විසඳන්න නේද?
ඇමතිතුමා- අපට ..තුනෙන් වැඩක් ගන්න බැරිනන් දෙමළුන්ටයි,මුස්ලිම්ලටයි ඒකෙන් ප්‍රයෝජන ගන්නකන් බලන්ඉන්න කියලද කියන්නෙ.
මම-ඉතිං ඒකම නේන්නන් ඇමතිතුමා වැරැද්ද. අපට ..තුනෙන් වැඩක් ගන්න බෑ කියල .. තුනෙන් වැඩක් ගන්න පුළුවන් අයට ඒකට ඉඩ දෙන්න එපායැ.
ඇමතිතුමා-සමාවෙන්න මම ටිකක් වැසිකිලියට ගිහින් එන්නද? මේ දවස්වල රට වටේම යන නිසා හරියට වැසිකිලියට යන්නවත් වෙලා නෑ.
මම-ආ එක තමයි මේ මිනිස්සු කථාවට හේතුව.
ඇමතිතුමා- මොකක්ද මොකක්ද මිනිස්සු කියන කථාව
මම- නෑ මේ මිනිස්සු කියන්නෙ ඔබ තුමා කට අරිනකොට වැසිකිලියක ගඳ දැනෙනව කියල.

*************************************************
මේ එතුමාගේ ආර්‍යාව හා දමාගෙන සිටි කදයයි.
මම- කොහොමද ඇමතිතුමිය
ශෂී-මම තාම ඇමතිතුමිය නෙවෙයි අනේ.
මම- ඔවුනේ මටත් අමතක උනා
මම- මොකද මේ ඇමතිතුමා ..තුන එපා කියන්නෙ.
ශෂී- ඔවු අනේ මේ දවස්වල එයාට ..තුන පේන්න බැහැනේ.
මම- ඉස්සර ඉඳලම එතුමට ඔය ..තුන ගැන ප්‍රශ්න තිබුනද?
ශෂී- ඔවු එයාට ඒ දවස්වල ඉඳලම ..තුනේ ප්‍රශ්න තිබුන.
 මම-ඒ උනාට එතුමා කලින් ..තුන එපා කියල මේ තරම් කෑ ගැහුවෙ නෑනේ. අර නැගෙනහිර පලාත්සභාවටත් ඉල්ලුවනේද?
ශෂී-එයා ඒ දවස්වල කෑ ගැහුවෙ නැත්තෙ එයාට ..තුන එපා උනාට මට එපා වෙලා තිබුනෙ නැති නිසානෙ අනෙ.
මම-ඒ කියන්නෙ ඔබ තුමිය ..තුනට කැමතියි.
ශෂී-නෑ. ඉස්සර නන් මම ..තුනට හුඟක් කැමැත්තෙන් හිටියෙ. ඒත් දැන් නෑ.
මම-ඒ මොකද ඒ?
ශෂී- ඒව ඉතිං මේ හැමෝටම කියන්න බෑ අනේ. පුද්ගලික දේවල්නේ.
මම- පුද්ගලික දේවල් වෙන්නෙ කොහොමද? දැන් ඒක ජාතික ප්‍රශ්නයක් වෙලානේ.
ශෂී- අපේ එක්කෙනා ඉස්සර ඉඳන්ම ඔහොම තමයි අනේ. ගෙදර  ප්‍රශ්න තමයි එයා ජාතික ප්‍රශ්න කරගන්නෙ.
මම-දැන් මොකද මේ හදිසියෙ එතුමට ..තුන එපා උනේ
ශෂී- ඔයා මේක කිටවත් කියන්නෙ නෑනේ.
මම-හරි හරි කියන්නකො ඉතිං.
ශෂී-ඔයාට මතකද අර දිවිනැගුම පනත පලාත් සභාවලින් සම්මත කරන් එන්න කියල අධිකරන තීන්දුව දුන්න දවස.
මම- ඔවු.
ශෂී-  එදා රෑ එයා ඇදට ඇවිල්ලත්  හරි හිතේ අමාරැවෙන් තමා හිටියෙ. මම කොච්චර කිව්වත් මගේ දිහා හැරිලවත් බැලුවෙ නෑනේ. ඉතිං මට එපාම උනා අනේ.
මම-මොකක්ද ..තුනද?
ශෂි- ඔවු අනේ.  මම කිව්ව වැඩක් නැත්නන් ඕක අයින් කරලම දාන්න කියල.
මම-ඉතිං
ශෂී-ඉතිං ඊට පස්සෙ තමා එයා ඔය ..තුන එපා,..තුන එපා කියල බෙරිහන් දිදී රට වටේ දුවන්න පටන් ගත්තෙ.

7 comments:

  1. I loveԁ as muсh aѕ уou'll receive carried out right here. The sketch is attractive, your authored subject matter stylish. nonetheless, you command get got an nervousness over that you wish be delivering the following. unwell unquestionably come more formerly again since exactly the same nearly very often inside case you shield this increase.
    My homepage ; attorney

    ReplyDelete
  2. එලටම ලියල තියෙනව.. විමල 13 හින්ද කෑ ගහන කෑ ගැහිල්ලට දැනටමත් තුනෙන් දෙකක් පාත් වෙලා ඇති.. ඉතින් සශියට එපා වෙන්නෙ නැද්ද.

    ReplyDelete
  3. හික්ක්.. සිරාවට මූ කියන කථා ඇහුවහම තුන තියන එකෙක් කියන කථා කියලා හිතෙන්නෙම නෑ

    ReplyDelete
  4. සුපිරියි මචන්
    .. තුන නිසා තියන වදයක්

    ReplyDelete
  5. නියමයි.. ආර්යාවටත් තුන එපා වුනා නම් හි හි.. හයියෝ..

    ReplyDelete
  6. ව්‍යාංගාර්ථයෙන් උඹ කිව්වත් මචෝ, ශෂීගේ සහ විමල්ගේ පවුල් ජීවිතය ගැන දන්නා ජවිපෙ සාමාජිකයින් ද කියන්නේ, ශෂී ගේ අදහස් විමල්ගේම අදහස් වලට වඩා විමල්ගේ දේශපාලන තීරණ වලට බලපෑම් කරනවා කියල. නියම ලිපියක් මචන්.

    ReplyDelete
  7. මට හිතුනෙම වෙන එකක්....

    ReplyDelete