Monday, October 8, 2012

මංජුල තිලකරත්න මහතා සහ මගීන්


කෙනෙකුගේ කථා බහ අනුව ඔහු කුමනාකාර පුද්ගලයෙකුදැයි කීමේ අපූරැ හැකියාවක් ඇති මගේ මිත්‍රයෙකු සිටී. ඊයේ උදෑසන බස් නැවතුමේදී මේ මිතුයා මට හමුවිය.

බස් නැවතුමේ සිටි තවත්  මගීන් කීප දෙනෙකුගේ  කථා බහත්,ඔවුන් පිලිඳව මාගේ මිත්‍රයාගේ අදහසත් මෙසේය.

1 මගියා
මංජුල තිලකරත්නට පහර දීල තියෙන්නෙ දරැවයි නෝනයි ඉස්කෝලෙට ඇරලවල එද්දි නේ පලමු මගියා සිද්ධිය සිද්දිය අසින් දැක්කාක් මෙන් විස්තර කරයි.
මිනිහ මාධ්‍යයවේදියෙක් මිත්‍රයා මගේ කනට කර රහසින් පැවසුවේය.
ඇයි එහෙම කියන්නෙ
පේන්නෙ නැද්ද බං, අරලිය ගහ මංදිරේ මාසික මාධ්‍යයවේදීන්ගෙ හමුවෙදි ජනාධිපතිතුමාට මූනදේන්නෙ කොහොමද කියල හිත හිතා වගේ අපක්ෂපාතීව මේක කියන්න තටමන තැටමිල්ල

2 මගියා
ඔන්න ආංඩුව අධිකරනයට සලකන හැටි. මේක බරපතල තත්වයක්දෙවැන්නාද කථාවට සම්බන්ඳ වෙයි.
මිනිහ රනිල්ගෙ යූ.එන්.පී. යෙ.මිත්‍රයා නැවත කීවේය.
ඒ කොහොමද
ජේ.ආර්. මාමගෙ ක්‍රමේ. යුතුකමට ප්‍රකාශයක් කරල අර එලුවගෙ මොකක්ද එක වැටෙනකන් බලා ඉන්න නරිය වගේ අල්ලගෙන ඉන්න විතරයි  ඕන

3 මගියා
මේ වෙලාවෙ මේ වගේ වැඩක් කරන්න තරන් ආංඩුවට පිස්සු නෑ මේ තුන්වැන්නාය.
මිනිහනන් අඳුන ගන්න ඒ තරන් අමාරැ නෑ. ශ්‍රී.ලංකා කාරයෙක් මගේ මිත්‍රයා කියයි.

4 මගියා
ඔන්න බලන්න. මේ ආංඬුව අධිකරනයත් විනාසකරල දාන්න හදන්නෙ. හතර වැන්නා ඇස් ලොකුකර ගනිමින් ආවේගශීලීලෙස පවසයි.
මිනිහ සජිත්ගෙ යූ.එන්.පියෙ.ඔය යක්කු හිතන්නෙ උගුර යට්න් සද්දෙට කෑ ගහන එකා තමයි වැඩකාරය කියල මිතුයා ඔහු ගැන පැහැදිලි කරයි.

5 මගිය
මේක මේ ආංඬුව අපහසුතාවයට පත් කරන්න කරපු කුමන්ත්‍රනයක්
ඒ විමල් වීරවංශගෙ මිනිහෙක්

6 මගිය
ආංඩුවෙ වැඩක්
මිනිහ ජේ.වී.පී

7 මගිය
ධනපති ක්‍රමය අර්බුධයට...
මිනිහ ජන අරගල කාරයෙක් ඔහු කථාව නැවැත්වීමටත් පෙර මිතුරා පවසයි.

8 මගිය
යුදෙව්, ක්‍රිස්තියානි, චතුස්කෝටික,....මේක දේව ශාපයක්
මිනිහ සිංහල බෞද්ධ චින්තන කාරයෙක්

9 මගිය
කවුද ඔය මංජුල තිලකරත්න කියන්නෙ
ආන්න,.. මිනිහ නම් නියම ශ්‍රී ලාංකික පුරවැසියෙක්

ප/ලි
ඔබටත් මෙවැනි හැකියාවක් තිබීමට පුළුවන. මා කවුදැයි කීමට උත්සාහ ගැනීමෙන් ඔබට ඒ හැකියාව උරගා බලන්න.




15 comments:

  1. බොහොම අපූරූ පෝස්ටුවක්. ලස්සනට කන අත ගාලා තියෙනවා. සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. ප්‍රථිචාර බොහෝම වටිනව.

      Delete
  2. නියමයි.... කතා ටික ගැන නොවෙයි. ඔබේ අපූරු නිර්මාණශීලීත්වය... ඔබ ලියන වග දැන ගත්තේ අපේ මාතලංගෙ සින්ඩියෙන්. ඔබ ලියන දේවල් හැකි තරම් කියවන්නන් පිරිසකට ලබා දීමටත් උත්සාහ කරන්න.

    ReplyDelete
    Replies
    1. අපෙත් උත්සාහය ඒක තමයි.

      Delete
  3. නියමනේ. නියමම සමාජ විශ්ලේෂණයක්. ඇත්තත් ඕකම තමයි. උඩම පින්තූරෙක් නියමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වෙද මහත්තය.

      Delete
  4. මේ පැත්තේ එව්වේ මාතලන් ගොයියා. ඉතාම නිර්මාණශීලි ලිපියක්. ඔබ කවුද කියන එකටනම් කියන්න තියෙන්නෙ 'නියම බ්ලොග්කාරයෙක්' කියල විතරයි.

    ReplyDelete
    Replies
    1. එච්චර සැර වැඩී. මේ තාම ආව විතරයි.

      Delete
  5. පට්ට පට්ට. මාත් අහම්බෙන් මේ පැත්තට ආවේ. සිරා වැඩක්. දිගටම කරගෙන යන්න.

    //ඔබටත් මෙවැනි හැකියාවක් තිබීමට පුළුවන. මා කවුදැයි කීමට උත්සාහ ගැනීමෙන් ඔබට ඒ හැකියාව උරගා බලන්න.// ඔක්කොම සිද්ධිය එල කිරියට ලියපු නිසා උඹ නියම "බ්ලොග් කාරයෙක්"!

    ReplyDelete
  6. මට පේන විදියට ඔබ විකොස කාරයෙක්

    ReplyDelete
  7. සුපිරියි මචන්,
    උඹේ මේ පෝස්ට් එකේ ලින්ක් එක මගේ පොස්ට් එකක් දැම්මා
    ඒ කත් මේ විදිහම කතාවක්

    ReplyDelete